Language Switcher

V2025

පාස්කු බෝම්බකරුගේ මාමණ්ඩිගේ සහයත් ගෝඨාට !

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ  සහභාගිත්වයෙන් මන්නාරම ප්‍රදේශයේ ඊයේ (10) පැවති ජනරැලියට පූර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ, අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන මියගිය මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ මාමණ්ඩිය වන 'අලව්දීන් ජුවලර්ස්'හි හිමිකාර කෝටිපති ව්‍යාපාරික අලව්දීන් විසින් බව වාර්තා වෙයි.
 
ලැබී ඇති තොරතුරු අනූව  මෙම ජන රැළියෙන් පසුව අලව්දීන් ඔහුගේ මන්නාරමේ පිහිටි නිවසට සහභාගී වූ පොදුජන පෙරමුණේ ප්‍රධානීන්  කැඳවා භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇත.
 
අලව්දීන්ගේ පැටිකිරිය !
 
පසුගිය අප්‍රේල් 21දා ක්‍රිස්තූස් වහන්සේගේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කෙරෙන පාස්කු දින දේව මෙහෙයන් පැවත්වෙමින් තිබූ අතරවාරයේ දිවයිනේ ස්ථාන හයකට ප්‍රහාර මාලාවක් එල්ල වු අතර බෝම්බකරුවන්ට බෝම්බ තැනීම සදහා තම තඹ කර්මාන්ත ශාලාවෙන් තඹ ලබා දී තිබුනේ අලව්දීන්ගේ බෑනා වන මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් බවට විමර්ශන වලදී  අනාවරණය විය.
 
අලව්දීන්ගේ එකම දියණිය වන ෆාතිමා ඉල්හාම් විවාහව සිටියේ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සමගය.
 
 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අලව්දීන්ගේ දියණියගේ රහස් බැංකු ගිනුමක හදිසියේ ලැබුන රුපියල් කෝටි 20ක මුදලක් ද තිබී සොයාගෙන තිබිණ. එමෙන්ම  අලව්දීන් මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දේශීය අදායම්  දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 5කට වැඩි දඩ මුදලක් ගෙවීමට සිටින චුදිතයෙකුද වෙයි.
 
මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ චෝදනාවට ලක් වූ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරකයා වන ඉන්සාෆ් ඊබ්‍රහීම් යන අයට අයත්ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව ඉන්සාෆ්ගේ බිරිඳ වන අලව්දීන්ගේ දියණියට මීට වසරකට පෙර පවරන ලද්දක් වන අතර  එහි වටිනාකම මිලියන 200 කි.
 
තව්හිද් ජමාත් සංවිධානයේ සල්ලි පොම්පය !
 
අලව්දීන්ගේ බෑණා වන ත්‍රස්තවාදී ඉන්සාෆ් ඊබ්‍රහීම්, ජාතින තව්හිද් ජමාත් සංවිධානයට ප්‍රධාන වශයෙන් මුදල් ලබා දුන් තැනැත්තා බවට සදහන් වෙයි.
 
ඒ වගේම අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයට ද සියළු මුදල් වියදම් කර ඇත්තේ අලව්දීන්ගේ බෑණා බවත් අනාවරණය වී ඇත.
 
මහින්දගේ පොරොන්දු මෙන්න !
 
දැන් වාර්තා වන ආකාරයට විපක්ෂ නායක  මහින්ද රාජපක්‍ෂ අලව්දීන්ට ජනාධිපති  මැතිවරණයෙන් පසුව,
 
1) වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව නිදහස් කර ඔවුන්ට නැවත ලබා දෙන බවට.
2) දියණියගේ ගිණුමේ ඇති මිලියන 200ක් වටිනා වත්කම් හා බැංකුවේ ඇති මුදල් නිදහස් කර දෙන බවට.
3) හෙළි නොකළ වත්කම් සදහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ගෙවීමට නියම් කර ඇති මිලියන 500ක දඩය නිදහස් කර දෙන බවට
පොරොන්දු වී ඇති බවය.
 
පොරොන්දු වෙනුවෙන් ගෝඨාට වියදම් කිරීම !
 
මේ අනූව  අලව්දීන් ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ආයෝජකයෙක් බවට ඔප්පුවන අතර මැතිවරණ දිනයේ දී ගෝඨාභයගේ සැලැස්මක් අනුව ඡන්ද දායකයන්ගේ ජාතික හැදුනුම්පක් එකතු කර ඔවුන්ට රුපියල් 1500 බැගින් දීමට සැලසුම් කරමින් පවතින බවත් ඒ ඡන්ද දායකයන් ඡන්දය දීම වැළැක්වීමට බවත් වාර්තා වෙයි.
 
 මන්නාරමේ පෙරියකරිසල් ගම්මානයේ උපන් පුද්ගලයෙක් වන  අලව්දීන් 1990 දී මන්නාරමේ පෙරියකරිසාල් සිට කිසිදු දෙයක් නොමැතිව අනාථයෙක් වශයෙන් පැමිණි අයෙකු  නමුත් දැන් ඔහු ඉතා ධණවත්ව වත්කම් හෙළි නොකළ බිලියනපතියෙකු බවට පත්ව සිටියි.
 
රිෂාඩ් නිවැරැදි ඔප්පු වෙයි !
 
ඒ  පසුබිමේ පසුබිමේ  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තාවාදී චෝදනා ලැබුවන් මේ වන විට ගෝඨාභයගේ දේශපාලන හිතවතුන් බවට පත්ව සිටියි. එහෙත් පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන රාජපක්ෂ කඳවුරේ සිංහල අන්තවාදීන් චෝදනා කර සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුන බෝම්බකරුගේ මාමණ්ඩිය වන කෝටිපති ව්‍යාපාරික අලව්දීන් අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් ගේ පක්ෂයේ සාමාජිකයකු බව කියමින්ය.
බෝම්බ ප්‍රහාරයෙන් පසුව විමල් විරවංශ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව මහත් ඝෝෂාවක් සිදුකල  අතර එය අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින්ට එරෙහිව ඉදිරිපත් කර තිබු විශ්වාස භංගයේ එක් චෝදනාවක් ලෙසත් සඳහන්ව තිබිණ.