හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඊයේ (11) යාපනයේ පැවති ජන හමුවකදී එල්ටීටීඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ව "සර් " කියා ඇති බවට ජඩමාධ්‍ය කිහිපයක් සාවද්‍ය පුවතක් වාර්තා කරයි.
නමුත් හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටින්නේ ඊයේ දිනයේදී තමන් යාපනය නගරයේ කල සංචාරයේ දී මහජන රැස්විමක් අමතමින් කොටි සංවිධානයේ ප්‍රභාකරන්ව 'සර්' ලෙසින් ඇමතූ බවට ජනමාධ්‍ය ඔස්සේ පතුරුවා ඇති සාවද්‍ය ප්‍රචාරය ඉතා පිළිකුලින් හෙළාදකින බවය.
ඒ සම්බන්ධව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඒකාධිපති, පවුල්වාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක යෙදෙමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විනාශ කරන්නට උත්සාහ කරන දේශපාලන කදවුරක පරාජයේ වියරුව හමුවේ මෙවැනි බොරු ප්‍රචාර මගින් හිටපු ජනාධිපතිවරියක හා සේනාධිනායිකාවකගේ ප්‍රතිරූපයට සහ එක්ව ඉදිරියට යන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයහි නියත ජයට අභියෝග කිරිම ඉතා නින්දිත ක්‍රියාවක් බවය.
එසේම ප්‍රභාකරන් වැන්නෙකුට තමන් 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කල බවට හැකි නම් එකදු සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන අතර, පටු දේශපාලන අරමුණු නිසා මෙවන් මඩ ප්‍රචාරයන් සිදුකරන පහත් මට්ටමකට ප්‍රතිවාදීන් වැටී සිටීම ගැන කණගාටු වන බවත් හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය නිවේදනය හරහා දන්වා සිටියි.

