මහින්ද රෝහලේ : අනුකම්පා ජන්ද ගන්න පොහොට්ටු මෙහෙයුම සූදානම් !

මහින්ද රෝහලේ : අනුකම්පා ජන්ද ගන්න පොහොට්ටු මෙහෙයුම සූදානම් !

ජනාධිපතිවරණය සඳහා ලබාදී තිබූ ප්‍රචාරක කාලය අද (13) අවසන් වන අතර ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂට අනුකම්පා ජන්ද ලබා ගැනීමේ උපායක් පොදුජන පෙරමුණ දියත්කර ඇති බව වාර්තා වෙයි.

 දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බරපතළ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ප්‍රසිද්ධ කර ඔහුට සෙත්පතා දිවයින පුරා පන්සල් වල පිංකම් පැවැත්වීම ඒ වෙනුවෙන් දියත්කර ඇති උපක්‍රමය වී තිබේ.
 
මේ පාර්ශවයේ සැළැස්ම වී ඇත්තේ අද සවස් භාගයේ හෝ හෙට (14) සිට මේ බව ප්‍රසිද්ධ කර ඒ හරහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නැවත රටේ පාලනයට එක්වීමට සුවය ප්‍රාර්ථනා කරන මුවාවෙන්  ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අඛණ්ඩව පන්සල් මුල් කරගෙන ගෙනයාමය.
 
එසේම මේ වන විට පන්සල් වල සිදුකරන විශේෂ පිංකම් මාළාවක් ආවරණය කිරීමට සූදානම් වන ලෙස පෞද්ගලික විද්‍යුත් නාලිකා දෙකක් සිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.
තවද නොවැම්බර් 16 ජනාධිපතිවරණ දිනයේ දී විපක්ෂ නායක මහින්ද ජනතා ආශීර්වාදයෙන් සුවය ලබා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමට සූදානම් බව පවසමින් මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කිරීමටත් ඒ පුවත මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරමින් මැතිවරණ දිනයේ උදෑසන සිට තවත් ප්‍රචාරක කටයුත්තක් දියත් කිරීමත් මේ සැලසුමේ ඇති බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න