අවසාන මොහොතේ විග්නේශ්වරන් කට අරියි !

අවසාන මොහොතේ විග්නේශ්වරන් කට අරියි !

දෙමළ ජාතික සන්ධානය (TNA) සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දෙන බව එහි ප්‍රධාන පක්ෂය නිවේදනය කර ඇති නමුත් තම පක්ෂයේ ස්ථාවරය එය නොවන බව උතුරේ හිටපු මහ ඇමති සී වී විග්නේශ්වරන් පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේ දී තමන් කැමති කෙනෙකුට නිදහසේ ඡන්දය ප්‍රකාශ කරන ලෙස තම ආධාරකරුවන්ට දැනුම් දුන් බවය."අපේ පක්ෂයේ අය සජිත්ටත් ඡන්දේ දාන්න පුළුවන්, ගෝඨාභයටත් දාන්න පුළුවන්, අනුරටත් දාන්න පුළුවන්. ඒ වගේම සිරිතුංගටත් දාන්න පුළුවන්.

සිරිතුංග මහත්තයා විතරයි අපේ ඉල්ලීම් සියල්ල ම ලබා දිය යුතු බව පිළිගත්තේ."මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා 2015 දී උතුරේ ජනතාව සිය ඡන්දය භාවිත කළ නමුත් එම රජය විසින් දෙමළ ජනතාව රවටනු ලැබ ඇති බව හිටපු මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

"යුද්ධයෙන් පස්සේ උතුරේ ජනතාව තවමත් දුක් විඳිනවා." ඔහු පැවසීය.

මෙවර ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇති බව ද විග්නේශ්වරන් හිටපු මහ ඇමතිවරයා මෙහිදී පැවසීය.

නමුත් එම තීරණයට තමා එකඟ නොවන බව ඔහු අවධාරණය කළේය.තමන් කැමති කෙනෙකුට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තම පක්ෂය මෙන්ම ඊ පී ආර් එල් එෆ් (EPRLF) පක්ෂය ද උතුරේ ජනතාව දැනුවත් කර ඇති බව හිටපු මහ ඇමතිවරයා පැවසීය."කවුරු හරි පත් වෙන එක්කෙනා සමඟ කතා කරලා අපේ මිනිස්සුන්ගේ දුක නැතිකරන්න වැඩ කරගන්න ඕන. දැන් අරයට ඡන්දේ දාන්න මෙයාට දාන්න කියල කිව්වොත් අපිට පෞද්ගලිකව මොනවා හරි ලැබෙයි.

නමුත් අපේ ජනතාවට මුකුත් ලැබෙන්නේ නැහැ.

""ඉල්ලීම් 13ක ලැයිස්තුව"
2
කෙසේ නමුත් "ඉල්ලීම් 13ක ලැයිස්තුවට" දකුණේ දේශපාලනඥයන් ජාතිවාදී ස්වරූපයක් ලබා දෙමින් සිටින බවත් සිංහල බෞද්ධ ඡන්ද ගැන සිතා ඊට එකඟ නොවන බවත් හිටපු මහ ඇමතිවරයා පැවසීය."අපි ඉල්ලුවේ වැරදි දේවල් නොවෙයි. භාෂා ප්‍රශ්නය මෙතනත් තියෙනවා. ඒක වැරදි විදියට දකුණේ අයට යන්නේ. ඒක හරියට පරිවර්තනය කරලා දෙනවනම් දකුණේ මිනිස්සුත් කියාවි මේවා සාධාරණ ඉල්ලීම් කියල." ඔහු පැවසීය."උදාහරණයක් හැටියට බලන්නකෝ. බලයට ඇවිත් පහුවදාම, සිරගත වී සිටින හමුදාවේ හිටපු අය නිදහස් කරනවා කියල ගෝඨාභය මහත්තය කියනවා. ඒ මොකද, අර PTA කියල නීතියක් තියෙනවා, එකෙන් මිනිස්සුන්ව වැරදි විදියට රඳවාගෙන ඉන්නවා කියල. ඒක ම තමයි අපිත් කියන්නේ. දෙමළ මිනිස්සුන්වත් තියාගෙන ඉන්නේ ඒ නීතිය යටතේ. එහෙනම් ඒ අයත් නිදහස් වෙන්න ඕන.""PTA නීතියෙන් සාක්‍ෂි නැතිව, පාපොච්චාරණයක් කළා කියල තියා ගන්න පුළුවන්. කෙනෙකුට ගහල හරි පාපොච්චාරණයක් ගන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට හානි කරනවා කියල තර්ජනය කළොත් ඕන කෙනෙක් පාපොච්චාරණයක් කරයි දරුවෝ බේරගන්න." විග්නේශ්වරන් හිටපු මහ ඇමතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

"මම ත්‍රස්තවාදියෙක් නොවෙයි"
3 1
දකුණේ දේශපාලනඥයන් සිංහල ඡන්ද ලබා ගැනීම සඳහා තමන් ගැන වැරදි චිත්‍රයක් මවා කතා කරන බවත් ඒවා සිංහල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් තමන් ගැන වැරදි ආකල්පයක් දකුණේ ජනතාව අතර ඇති වී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

"දකුණේ ඉන්න අය උතුරේ තත්වය හරියට ම දන්නේ නැහැ. දකුණේ මිනිස්සු මං ගැන දැන ගන්නේ ඔය පත්තරවල තියෙන දේවලින් විතරයි. ඒ අය හිතෙන විදියට ලියනවා. කවුරුවත් මාව හම්බවෙලා මාත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ නිසා මං ගැන වැරදි ආකල්පයක් දකුණේ මිනිස්සු ඇතිකරගෙන තියෙන බව ආරංචියි."

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න