රනිල් අගමැති ධූරයට සමුදෙයි : නායකත්වයෙන් නොගියොත් අලුත් පක්ෂයක් - හරීන් 

රනිල් අගමැති ධූරයට සමුදෙයි : නායකත්වයෙන් නොගියොත් අලුත් පක්ෂයක් - හරීන් 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්ව ඇති බව වාර්තා වෙයි.

ඊට අනුව අද (20) විශේෂ ප්‍රකාශයක් සිදුකර ඉල්ලා අස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ තීරණය වී ඇති බව දැනගන්නට තිබේ.

image 6f856232cc

අග්‍රාමාත්‍ය උපදේශකයකු වන සුදර්ශන ගුණවර්ධන මේ ඉල්ලා අස්වීම තහවුරු කර ට්වීටර් පණිවිඩයක් තබා ඇත.

Screenshot 20191120 163229

සජිත්ට නොදුන්නොත් අලුත් පක්ෂයක් - හරීන් මේ අතර රනිල්  වික‍්‍රමසිංහ  එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂනායක ධුරයෙන් ඉවත් නොවුණහොත් සජිත් පේ‍්‍රමදාසගේ නායකත්වයෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී  හරීන් ප‍්‍රනාන්දු පවසයි. 

එක්සත් ජාතික පක්ෂයට සහ විපක්ෂනායක දුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා සජිත් පේ‍්‍රමදාස  බවත් එහිදී  ඔහු සඳහන් කළේය.කොළඹ කැප්පිටිපොළ මාවතේ පිහිටි හරීන් ප‍්‍රනාන්දු මහතාගේ නිල නිවසේදී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම තවත් තනතුරු රැසක වෙනස්විම් සිදුවිය යුතු බවත් හරීන් ප‍්‍රනාන්දු එහිදි වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න