අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය ධූර ප්‍රශ්නයක් හේතුවෙන් අර්බුදයක් මතුව ඇති බව වාර්තා වෙයි.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන අමාත්‍ය ධූර ප්‍රමාණය සම්බන්ධ ගැටළුවක් නිසාය.
වාර්තා වන ආකාරයට මේ වන විට අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය ධූර 2ක් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය තීරණය කර ඇත. ඒ අනුව අමාත්‍ය ධූර හිමිවීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ දයාසිරි ජයසේකර වෙත පමණි.
මේ හේතුවෙන් අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍යධුර ලබාගන්නේද නැද්ද යන සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් තීරණයක් ගෙන නොමැති අතර පක්ෂ අභ්‍යන්තරයේ ඒ සම්බන්ධව සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
