සිරිසේනට ඇතුළට එන්න ෆවුසි එළියට දැම්මේ තීරණයක් !

සිරිසේනට ඇතුළට එන්න ෆවුසි එළියට දැම්මේ තීරණයක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු  ඒ.එච්.එම්.ෆවුසි පක්ෂයෙන් නෙරපා හැරිමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ සදහන් කලේ ෆවුසී මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් සිදුකරන ලද විනය පරික්ෂණයේ තින්දුවකට අනුව පක්ෂයෙන් නෙරපීමට තිරණය ගත් බවයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි මලිත් ජයතිලක මන්ත්‍රීවරයා ගෙන් කළ ඉල්ලීමට මෙතෙක් කිසිඳු ආකාරයේ ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

කෙසේවුවද, 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා මලිත් ජයතිලක ඉල්ලා අස්වීමට නියමිත බවත් ඒ වෙනුවෙන් ඔහුට රාජ්‍ය ආයතනයක ඉහල තනතුරක් ලබාදීමට නියමිත බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න