තද වැසි පිළිබද කාලගුණයෙන් අනතුරු අඟවයි

තද වැසි පිළිබද කාලගුණයෙන් අනතුරු අඟවයි

දිවයින පුරා පවතින වැසි තත්ත්වය ඉදිරියේදීත් බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

යාපනය , මුලතිව් ,කිලිනොච්චි , ත්‍රිකුණාමලය , මඩකලපුව, අම්පාර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මි 100 -150 පමණ තද වැසි ඇති විය හැකි බව නිවේදනය කෙරේ.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ( රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මි.මි 100 ක පමණ තරමක් තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නුවරඑළියේ විශේෂ සාකච්ජාවක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් සහන සේවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (01) පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න