ඇමතිවරුන්ගේ වාහන මේනියාවට තිත!

ඇමතිවරුන්ගේ වාහන මේනියාවට තිත!

අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් ඒම අවශ්‍යතාව ජනපති ලේකම් කාර්යාලයේ ඇති අතිරික්ත වාහන වලින් ලබාදීමට වැඩසටහනක් සකස් කර ඇත.

ජනපති ගේඨාභය රාජපක්ෂගේ උපදෙස් අනුව මේ වන විට රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට කටයුතු කර ඇති අතර ජනපතිවරයාම ඒ සඳහා ආදර්ශ ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු පැවසිය.

 සති දෙකකදී කරපු වැඩ මෙන්න

ජනාධිපති ගෝඨාභය 'එයාලවගේ' නොවන බවට ජනමතයක් ඇතිකරලීමට පසුගිය දිනකිහිපයේ ක්‍රියාත්මක වූ මාධ්‍ය මෙහෙයුම් කිහිපයක් සමාජ මාධ්‍යයවල වාර්තා වී තිබුනේ මෙසේය.

1. ගාලු පාර නොවසා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ වැඩ බාර ගැනීම
2. සාටකය නොදැමීම සහ කපටි ඇඳුම නොඇඳ සිටීම.
3. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම
4. සිය ආරක්ෂාවට යොදා සිටින පිරිස දහස් ගණනකින් අඩු කිරීම.
5. රාජකාරි කටයුතු සඳහා වාහන තුනක් පමණක් තබා ගැනීම.
6. ට්‍රැෆික් එකේ නවතාගෙන සිටීම.
7. රටපුරා තමන්ගේ දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය තහනම් කිරීම
8. කාර්යාලවල දේශපාලකයින්ගේ ජයාරූප තහනම් කර රාජ්‍ය ලාංඡනය පමණක් යොදා ගැනීමට නියෝග කිරීම.
9. රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට දැන්වීම් පළකිරීම
10. මාර්ග නීති කඩකල ජනාධිපති බිරිඳගේ රියදුරාට දඩ ගෙවා යළි බලපත්‍රය ගන්නැයි දැනුම්දීම.
11. කටුනායක ඉදිකල තොරණත් ගලවා ඉවත් කිරීම.

සබැඳි පුවත් :

තාප්පවල චිත්‍ර අඳින තරුණ තරුණියන් ගැන ගෝඨාභය ආඩම්බරයෙන් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න