හිටපු පා. මන්ත්‍රී ගලප්පත්ති මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පා. මන්ත්‍රී ගලප්පත්ති මහතා අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජස්ටින් ගලප්පත්ති මහතා අද(24) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 68 වැනි වියේ පසු වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතා ඇතුළු දූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

මුල්කාලීනව මාතර ප්‍රසිද්ධ රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වූ ගලප්පත්ති මහතා හිටපු රාජ්‍ය අමාත්‍ය පී.එස්.එල්.ගලප්පත්ති මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

1988 වසරේ දී පළමු වරට දකුණු පළාත් සභාවට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ඒ මහතා එතැන් සිට 2014වසර වන තෙක් එහි මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා විපක්ෂ නායකවරයෙකු ලෙස කටයුතු කර ඇත.

ඒ අතරතුරදී 2001-2003 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ දී ඒ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ද අවස්ථාව හිමි විය.2014වසරේ දී මැතිවරණයට තරග නොකළ ඒ මහතා මිය යන තෙක්ම වසර 30කට වැඩි කාලයක් දේශපාලනයේ නිරත විය.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (26) පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න