සුදු වෑන්' මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයැදුම්පත ලබන 30 වැනිදා විමසා බැලීමට අධිකරණය අද (23) දින නියම කළේය. ඒ, අදාළ ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදීය.එහිදී මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට ලබන 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කරනු ලැබිය.
වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අදාළ විමර්ශනය සිදුකරන ස්ථානාධිපතිවරයාය.
රාජිත සේනාරත්න මෙම සිද්ධියට අදාලව ඉදිරිපත් කළ පළමු අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය සිකුරාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
විදෙස් ගමන් තහනම:
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයැදුම්පත ලබන 30 වැනිදා විමසා බැලීමට අධිකරණය අද (23) දහවල් එසේ නියම කර තිබියදී අද පස්වරුවේ ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
හිටපු අමතිවරයාට රටින් පිටවීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සැකකරුවෙකු ලෙස නම් කර නොමැති වුවත් ඔහු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දන්නා ප්‍රධාන පුද්ගලයෙක් බවයි.
එම නිසා ඔහු රටින් පිටව ගියහොත් එය විමර්ශන වලට බාධාවක් වනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.
එම කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබිය.

