රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24දා) නියෝග කළේය.
2016 වසරේ සිදුව ඇති බව කියන මේ රිය අනතුරට අදාල නඩු කටයුත්ත අවසන් ව තිබූ අතර නැවත මේ සම්බන්ධව කතා බහක් ඇති වූයේ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ සහ ඉන් අනතුරුව ය.
අනතුරුව වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධව නඩු කටයුත්තක් ඇරඹූ නමුත් එය දේශපාලන පළිගැනීමක් බව විපක්ෂයේ ස්ථාවරය විය.

