සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම සහනය රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ බවද ඔහු ප්‍රකාශ කළේය.නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද එයින් පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව ඔවුන්ට ණය ගෙවාගැනීමට හැකියාවක් ඇතිවෙනු ඇති බවත් යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

