Image

ස්ත්‍රී මාංස සහ වන සත්ව මාංස පිළිබඳ නඩු දෙකම එක දවසේ

ස්ත්‍රී මාංස සහ වන සත්ව මාංස පිළිබඳ නඩු දෙකම එක දවසේ

22 වන දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඓතිහාසික නඩු දෙකක් විභාගයට ගත්තේ ය. එයින් එකක් දඩමස් වර්ග 08 ළඟ තබා ගත් මහ කපුවාගේ වන සත්ව මාංස නඩුව ය. අනෙක ලොකු සාදු ගේ ළමා ස්ත්‍රී මාංස නඩුව ය.

එක විදිහකට මේ නඩු දෙක අනුරාධපුර නගරයේ ඓතිහාසික සිදුවීමක් විය හැකියි. පුරාණ අනුරාධපුර නගරයේ මස් මාංස වෙළඳාම ගැන තොරතුරු ඇතත් ස්ත්‍රී මාංස වෙළඳාම ගැන ඒ හැටි තොරතුරු කියවන්න ලැබෙන්නෙ නැහැ.

පූජා නගරයේ ස්ත්‍රී මාංස අලෙවිය

එහෙත් පුරණ අනුරාධපුරය ඒ යුගයේ හැටියට මෙට්‍රෝපොලිටනයක් හෙවත් මහා නගරයක්. පුරාණ අනුරාධපුර මහ නගරය සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 54ක් පමණ විශාල බව ඉතිහාසකරුවන් කියනවා. එබඳු විශාල නගරයකින් අතීතයේ දී වන සත්ව සහ ස්ත්‍රී මාංස වෙළඳාම් දෙකම කෙරෙන්ට ඇතැයි අපිට සැක කරන්න පුළුවන්. මහා නගරයක ස්ත්‍රී මාංස විකිණෙන රෙඩ් ලයිට් දිස්ත්‍රික් හෙවත් රතු එළි දිස්ත්‍රිකයක් නොවැරදීම තිබෙන්න ඇති. බුදුන් දවස රැයකට මසුරන් 1000ක් අය කරණ අම්බපාලීලා අනුරාධපුරයේත් නොවැරදීම සිටින්නට ඇති.

නූතන අනුරාධපුර ඉතිහාසයේ අපට ස්ත්‍රී මාංස වෙළඳාම ගැන අහන්නට ලැබෙන්නේ ඊළාම් යුද්ධය පවතින කාලයේ දී යි. වාර්තාකරුවෙක් හැටියට මට ඒ ගැන සෑහෙන අවබෝධයක් සහ අත්දැකීම් තියෙනවා. 1998 අවුරුද්දේ මම යුද්ධය සහ දරුවෝ වැඩසටහන් පෙළ පටිගත කරද්දී අනුරාධපුර නගරයේ තිබුණු ස්ත්‍රී මාංස කඩ හෙවත් ගණිකා නිවාස 64කට යන්නට තරම් වාසනාවක් මට ලැබුණා. වෙලාවට ඒ කාලේ මං වැඩ කරපු ආයතනය ඉතිහාසය මුල් වතාවට තමන් ගේ වාර්තාකරුවකුට ගණිකා නිවාසවලට ඇතුළුමට අවශ්‍ය මුදල් නිල වශයෙන් සම්පාදනය කළා.

මම ගිය මේ ගණිකා නිවාස 64න් හැම එකකම වයස අවුරුදු 14 - 55 අතරේ ස්ත්‍රීන් 15 - 20 අතර ප්‍රමාණයක් සිටියා. මේ අපූරු ස්ත්‍රී මාංශ කඩවලින් එන ගැනුම්කරුවාට ස්වයංවරයකින් වගේ තමයි තමන් කැමති ස්ත්‍රියක් තෝරාගන්න ලැබුණේ. ගැනුම්කරුවා එම නිවසට ඇතුළු වෙන වෙලාවේ එහි පාලිකාව නිදහසේ සිටින ස්ත්‍රීන් සියලු ම දෙනා නිවසේ සාලයට කැඳවනවා. එවිට ගැනුම්කරුවාට තමන් කැමති කෙනෙක් තෝර ගන්න පුළුවන්.

කාලය පැය යි; ගාස්තුව 1000 යිsex

ඒක බොහොම සංවිධානාත්මකව කෙරුණු කර්මාන්තයක්. හැම නිවාසයකම පාලිකාවක් සිටියා. ඒ පාලිකාව, ගැනුකරුවා තමන් තෝරා ගත් ස්ත්‍රිය හෝ දැරිය රැගෙන කාමරය යන විට කොන්දේසි ඉදිරිපත් කරනවා. කාලය පැයයි. ගාස්තුව රුපියල් 1000 යි. කොන්ඩම් පැකට්ටුවක් ආයතනයෙන් නොමිලේ දෙනව. මම සොයාගත් ආකාරයට මේ සෑම නිවාසයක ම මසකට වරක් හෝ දෙවරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් එනවා. ඔවුන් සේවා සපයන ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලනවා. විශේෂයෙන් ම ඔවුන්ට ලිංගික ආශ්‍රිත බෝවෙන රෝග තිබේ දැයි සොයා බලනවා. අවශ්‍යනම් ප්‍රතිකාර සඳහා යොමු කරනව.

මේ නිවාසවලට එන බහුතරයක් ගනුදෙනුකරුවන් වූයේ නිවාඩු ලබා එන සොල්දාදුවන් බව මට ඒවායේ සිටි ස්ත්‍රීන් කියා සිටියා. ඔවුන් වැඩි උතුරේ ඊළාම් යුද්ධයට මුහුණ දී නිවාඩු ලබා එන සොල්දාදුවන්. එකල ඔවුන් ගේ අතරමැදි කඳවුරු තිබුණේ අනුරාධපුර නගරයේ. පූජා නගරයට ගොඩ බහින මේ තරුණ සෙබළු මාස තුන හතරක සැරයක් ගෙදර එන්නේ. ඔවුන් අතේ මාස කීපයක පඩි රැඳී තිබෙනවා. එයින් සැලකිය යුතු ප්‍රමාණයක් අනුරාධපුරේ රඳවා ගැනීමට මේ ස්ත්‍රීන් සමත් වුණා.

නීති ගතකළ යුතු රැකියාවක්

මේ ස්ත්‍රීන් සහ දැරියන් බහුතරයක් වියළි කලාපයේ දිළිදු පවුල්වල දරුවන්. තවත් කොටසක් රටේ විවිධ පළාත්වලින් පහසු රැකියා සොයා පැමිණි තරුණින්. ඔවුන් අතරේ මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි බැතිමතියන් ද සිටියා. ඔවුන් තැරැව්කරුවන් ගේ නොයෙකුත් වර්ගයේ අඩත්තේට්ටම්වලට සහ හිරිහැරවලට භාජනය වෙන බව මට නිරීක්ෂණය වුණා. ගවේෂණය අවසානයේ මම මේ ගැන කතා කරන්න එවකට අනුරාධපුර මහා දිසාපතිවරයා මුණගැසුණා. මම ඔහුට මෙය නිත්‍යනුකූල කර්මාන්තයක් කිරීමේ වැදගත්කම පැහැදිලි කර දුන්නා. ඔවුන්ට ආත්ම ගෞරවයක් ඇතිව රැකියාව කරගෙන යෑමට ආකාර සිටින්නේ මේ නිත්‍ය අනුකුලමින් වැදගත්කම ගැන මා කළ යෝජනාව දිසාපතිවරයාත් පිළිගත්තා. ඔහු මට ඒ ගැන අදහස් දැක්වීමක් ද කළා. එය පසු කලෙක රාවය පුවත්පතේ පළ කෙරුණා.

සාසනයත් පඬුහැළියත් දෙකම බේරා ගැනීමට නම්...images

දැන් ප්‍රශ්නය තිබෙන්නේ නීතිමය රැකවරණයක් හෝ වෙනත් වෙනයම් ආකාරයකින් සහනයක් නොමැතිව මේ ස්ත්‍රී මාංස කර්මාන්තය හා වන සත්ව මාංස කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකිවීමයි. එබඳු නීතිමය රැකවරණයක් මේ කර්මාන්තවලට තිබුණා නම් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී නායක සාදු මෙන් ම මහ කපුවා ද නඩු දෙකක සැකකරුවන් ලෙස ඉදිරිපත් නොකෙරෙන්නට ඉඩ තිබුණා. එහෙම වුණානම් ‘සාසනයත් පඬුහැලියත්’ දෙකම බේරා ගන්න ඉඩ තිබුණා.

වෙනකකු දුන් උදළු අවලංගුවලින් හාරා ගත් බොරුවළ

මේ නඩු දෙකේම ප්‍රධාන සැකකරුවන් මට පෙන්නේ තමන් කැපූ බොරුවළේ ම වැටුණු එවුන් දෙන්නෙක් වගෙයි. ඔවුන් සමාජයට දෙසුවේ තමන්ට වත් රකින්නට බැරි සදාචාරයක්. අනුරාධපුරේ පැවති ගණිකා නිවාස ඒ හැටියට තිබුණා නම් ලොකු සාදුට අසරණ දැරියන් වෙනුවට මුදල් ගෙවා පුහුණු හා ප්‍රවීණ ස්ත්‍රියක ගේ සේවය ලබා ගෙන අනුරාගයෙන් සැනසෙන්න තිබුණා. වල් ඌරන්, මුවන්, මොනරුන් යනාදි වන සතුන් මසට ඇති කිරීමේ නීතිමය ප්‍රතිපාදන රටේ තිබුණා නම් මහ කපුවා නීතී විරෝධි දඩමස් වෙනුවට නීත්‍යානූකූල දඩමස් ගෙදර තියා ගන්නට ඉඩ තිබුණා.

අපි තවමත් මේ රට ආක්‍රමණය කළ විවිධාකාර යටත් විජිතවාදීනට අනුව ජීවත් වෙන්න දඟලන ලාංකික ජාතිය නොවේ ද? අපි වැටී සිටින්නේ අනුන් දුන් උදළු අවලංගුවලින් හාරා ගත් බොරුවලක නොවේද?

[ප.ලි. පූජා නගරේ ස්ත්‍රී මාංස වෙළදාම ගැන සම්පුර්ණ වාර්තාවක් ‘දෙමළ ඊළාමයේ ගෙවුණු දවස්’/ My days in Tamil Eelam] කෘතියේ අන්තර්ගත කරනු ඇත.]

download

 

 

 

 

නන්දන වීරරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න