හකීම් සහ රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කිරීමට යයි

හකීම් සහ රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කිරීමට යයි

හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටියි.

ඒ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් වූ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවට අදාලවයි.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ අද (23) කැඳවනු ලැබිය.

එහිදි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ජනවාරි 06 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍යව සිටින හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශය නත්තල් උත්සවයෙන් අනතුරුව සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදි අධිකරණය හමුවේ තවදුරටත් සඳහන් කර සිටියේය.

ජනපතිට දැඩි බලපෑමක් !

රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මුස්ලිම් ජාතික දේශපාලන නායකයින් දෙදෙනාට එරෙහිව පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පලකළ බෞද්ධ හිමිවරුන් ඇතුළු විමල් විරවංශ හා උදය ගම්මන්පිල වැනි දේශපාලන පක්ෂ නායකයින්ද දැඩි ප්‍රචාරක මෙහෙයුමක් දියත්කර තිබිණ.

ජනතාවට දුන් පොරොන්දු අනුව මෙම මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස එසේ උද්ඝෝෂණය කල භික්ෂුන් වහන්සේලා හා 'ජාතිකවාදී' දේශපාලන පක්ෂ නායකයින් මේවනවිට ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න