අද හෙටම ජල ගාස්තු නැංවීමේ සූදානමක් !

අද හෙටම ජල ගාස්තු නැංවීමේ සූදානමක් !

ජල බිල්පත් ගාස්තු ඉතා නුදුරු දිනකදී ඉහළ දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව පසුගියදා අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින් මාධ්‍ය හහමුවේද අදහස් දැක්වූ අතර එහිදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ වාර්ෂිකව ජල ගාස්තු වැඩිකළ යුතු වුවත් පසුගිය වසර 3ක පමණ කාලයක් තිස්සේ එය සිදුකර නොමැති බවයි.

වාර්තා වන ආකාරයට ඒකක 15 ට වැඩි ජල බිල්පත් සඳහා මෙම ගාස්තු වැඩිවීම බලපායි.

ඊට අදාල ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ ඒකක 15 කට වැඩි බිල්පත් සඳහා වැඩිවන ජල ගාස්තුව පහළ සහ මධ්‍යම පාංතිකයන් කෙරෙහි බලනොපාන බවයි. එහෙත් පාරිභෝගික සංගම් සඳහන් කරන්නේ මෙකී ගාස්තු ඉහළ දැමීම ජල බිල්පත් ගෙවන අති බහුතරයක් වෙත බලපාන අතර ජල  ඒකක 15 ක් පරිභෝජනය කිරීම සාමාන්‍ය දෙයක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න