'පාඨලී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්'- ලාල් කාන්ත

'පාඨලී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්'- ලාල් කාන්ත

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසයි.

අද මහනුවර පැවති ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාස නියෝජිතයින්ගේ හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේ සඳහන් කළේය.

"මහ රෑ ගෙදරකට ඇවිල්ලා චම්පිකව ඇරන් යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. යමක් කරන විදිහක් තියෙනවා..ඒ විදිහට පිටින් මේක සිද්ධ වුණේ.. ඒකට අපි එකඟවෙන්නේ නෑ.. එතුමාට පහුවදාට පොලීසියට එන්න කිව්වා නම් එතුමා එනවා.මේක දේශපාලන වුවමනාවක් පදනම් කරගෙන කරලා කියලා පේනවා.

අනිවාර්යයෙන්ම මේක දේශපාලන පළිගැනීමක් හා දේශපාලන බලපෑමක් පදනම් කරගෙන තමයි මේ සිද්ධිය මතුකරලා අරගෙන තියෙන්නේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න