ජනවාරි 01 සිට මගී බස් රථවල රජය අනුමත සිංදු පමණයි !

ජනවාරි 01 සිට මගී බස් රථවල රජය අනුමත සිංදු පමණයි !

මගී ප්‍රවාහනයේ යෙදෙන බස්රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ලබන ජනවාරි 01 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන බස්රථවල වාදනය වන අධික ශබ්දයෙන් යුත් ගීත වෙනුවට සුභාවිත ගීත හඳුන්වා දීම සඳහා කටයුතු කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලබා දී තිබේ.

බස් රථවල ඝෝෂාකාරී සංගීතය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මහජනතාවගෙන් 15,000කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා පැවසා ඇත.

ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් පණිවුඩ රැසක් සහිත වීඩියෝපට හඳුන්වා දීමට ද තීරණය කර ඇත.

වත්මන් රජය මෙම තීන්දුන ගෙන ඇත්තේ බස් මගින් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන කරන ලද සමීක්ෂණයකින් පසුවය.

කෙසේ වුවද මගී ජනතාවගේ රස වින්දන මට්ටම එක හා සමාන නොවන නිසා එම බස්වල ගීත වාදන යන්ත්‍ර ගලවා ඉවත් කිරීම වඩාත් හොඳ විකල්පය බවටත්, එවිට කැමති අයකුට තමන්ගේ දුරකතන හෝ අයිපොඩ්වලින් ගීත, ධර්ම දේශනා හෝ තමන් කැමති දෙයකට සවන්දිය හැකි අතර නිහඬතාව ප්‍රියකරන අයකුට නිහඬව ගමන් කළ හැකි බවටත් එම සමීක්ෂණයේදී යෝජනා වී ඇතැයි වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න