දූෂණ විරෝධි බලකාය නමැති සංවිධානයේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි නාමල් කුමාර නමැත්තා හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) යළි ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 09 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර මහතා පසුගිය 18 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් සති 03 කට පසු දිවයිනේ ස්ථාන කිහිපයක ගැටුම් වාර්තා විණි.
හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ එවැනි ගැටුමකට නාමල් කුමාර මහතා ද සම්බන්ධ වූ බවට සැකපිට පසුගිය මැයි 14 වැනි දා ඔහු අත්අඩංගුවට ගැනුණේ වරකාපොලදීයි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ ඔහුව මාස 07 කට ආසන්න කාලයක් රඳවාගෙන පරීක්ෂණ කළ අතර පසුගිය 10 වැනි දා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

