අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (25) වනවිට ඔහු පදිංචිව සිටි ස්ථානවලින් අතුරුදන්ව සැඟවී සිටින බව රහස් පොලිසිය පවසයි.
නීතිපතිවරයාගේ උපදෙස් මත කථානායක කරු ජයසූරියව ලිඛිතව දැනුවත් කරමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පදිංචිව සිටි බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට මුලින්ම ඊයේ (25) පෙරවරුවේ රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ.
ඔහු එම නිවසේ නොමැති බව එහිදී දැනගත් එම පොලිස් කණ්ඩායම පසුව බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ සහ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවාස 2ක් ද සෝදිසියට ලක්කර තිබේ.
එම ස්ථානවලත් ඔහු නොසිටි බැවින් ඔහු නිතර යන එන තවත් ස්ථාන කිහිපයක් ගැන රහස් පොලිසියේ නිලධාරීන් ඊයේ රාත්‍රිය වන විටත් පරීක්ෂාවට ලක් කරමින් සිටියේය.
ඒ අතර, රජයේ බුද්ධි අංශ විසින් ලබාදී තිබු තොරතුරකට අනුව රහස් පොලිස් නිලධාරීන් හිටපු ඇමතිවරයා රෝහල්ගතව ඇද්දැයි සොයා බැලීමට රෝහල් කිහිපයක් ද සෝදිසියට ලක්කර ඇත.
ඉකුත් ජනාධිපතිවරණය සමයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් යොදාගෙන සිදු කෙරෙනු බව කියන අපරාධ සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසයි. රහස් පොලිසිය ඒ අනුව කළ ඉල්ලීමක් සළකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා වරෙන්තුවක් නිකුත් කළේය.
දලීඩර්

