රාජිත අත්අඩංගුවට ගෙන නෑ : ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරලා !

රාජිත අත්අඩංගුවට ගෙන නෑ : ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරලා !

හිටපු  ඇමැති රාජිත සේනාරත්න මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස්  ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර  ලබන බවත්  නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස්  අද (27) අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ  නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
 
ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර් විසින්  අමාත්‍යවරයා  සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර  ඇති බවත්  එහි සඳහන් පරිදි  අධික රුධිර  පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින්  ඔහුගේ සමීපයට යා නොහැකි බවත්  සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.
 
හිටපු අමාත්‍ය රාජිත  සේනාරත්න  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කීවේ  සිය සේවා දායකයා  අත්අඩංගුවට  ගෙන ඇති බවට ප්‍රචාරයක්  පවතින බවයි.

කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.

එහිදී  අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ  බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව  විනාඩි 25 කට කල් තැබුවාය.

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙනුත් ප්‍රශ්න කරලා !

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (26) රාත්‍රී 8.00ට පමණ කොළඹ නාරාහේන්පිට රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එම වරෙන්තුව ද රැගෙන රෝහලට ගොස් ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඊයේ (26) මධ්‍යම රාත්‍රීය වන තුරුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෛද්‍යවරයාගෙන් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

රෝහල්ගත කිරීමෙන් පසුව වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව වහාම වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා අදාල වෛද්‍ය පරීක්ෂණයේ වාර්ථාව ලැබෙන තුරු අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් රෝහල් පරිශ්‍රයේ රැඳී සිටිති.

එම වාර්ථාව අනුව අද මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගන්නවාද නොගන්නවාද යන්න තීරණය කරන බව අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තු නිලධාරීන් සඳහන් කරයි.

අධිකරණයේ වරෙන්තු ලබා සිටින සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොවී රෝහල්ගත වූ විට පළමුවෙන්ම සිදුවන්නේ පොලිස් නිලධාරීන් රෝහලට ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීමයි. අනතුරුව ඒ බව අධිකරණය වෙත දැනුම්දීම සිදුවේ.

රියදුරන් දෙදෙනා අද යලි අධිකරණයට :

ආන්දෝලනාත්මක 'සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව'ට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදාය.

එම පුවත්පත් සාකච්ජාවට එක්වූ අනෙක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඔවුන් දෙදෙනා ද අද යළි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න