වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා. ඒක සුහදත්වයට බලපෑමක් - සුමන්දිරන්

වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා. ඒක සුහදත්වයට බලපෑමක් - සුමන්දිරන්

වත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මහතා පවසන්නේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම එහි එක් සිද්ධියක් බවයි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මහතා මේ බව පවසා ඇත.

“2015 යහපාලනය රජය පළමු වරට ජාතික ගීය නිදහස් දවසේ දෙමළෙන් ගායනා කළා. මමයි සම්බන්ධනුයි ඒකට ගියා. දශක කිහිපයකට පසු ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නිදහස් උත්සවයට එක්වුණේ. ඊට හේතුව තමයි සුහදශීලිත්වය. හිටපු ජනාධිපති සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධය සමරනවා නමුත් ඒක දැඩි හානියක් වුණු දෙයක් කියලා.

දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒකේ එක් සිද්ධියක් තමයි දෙමළෙන් ජාතික ගීය කියන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා. ඒක සුහදත්වයට බලපෑමක්. අපිට සාමයේ දෑත් දිගු කරන්න බැහැ. දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියලා කියනවානම් ඒකේ තේරුම දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි.

ඒක අපි සන්තෝසෙන් අත්හැරලා දානවා. ‍අපි කොහෙවත් කිව්වේ නැහැ දෙමළෙන් ජාතික ගීයක් කියන්න ඕන කියලා. එක රටක ඉන්න සියලු ජාතීන් අතර බැදීම් සහජීවනය කඩා කප්පල් වන විදියට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි.

ප්‍රධාන ජනසමාජය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වෙනවා. ඒක වෙනස් වෙන්න ඕනනම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සම තත්ත්යෙන් ජීවත්වෙන්න පුලුවන්.“

දෙරණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න