සිරිසේන මුදල් අමාත්‍යාංශයට ඇණයක් වෙලා !

සිරිසේන මුදල් අමාත්‍යාංශයට ඇණයක් වෙලා !

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන  ‌මේ දිනවල මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට වදයක් වන තරමට පත්ව සිටින බවක් දැනගන්නට තිබේ.

නිතරම මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට දුරකතන ඇමැතුම් ලබා ‌දෙමින් ‌පොලොන්නරුවේ ව්‍යාපෘති සදහා මුදල් ලබා ‌දෙන ‌ලෙස කරදර කිරීම ‌මීට ‌හේතු වී ඇති බව වාර්තා ‌වේ.

මීට අමතරව ජනාධිපති ‌ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරීන්ටත්, සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් නිරතුරුවම දුරකතන ඇමැතුම් ලබා ‌දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කරදර කරන බව ද දැනගන්නට තිබේ.

මේ ආකාරයට ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් අවස්ථා කිහිපයකදීම සිරිසේන මහතා දුරකතන ඇමැතුම් ‌ගෙන තිබුණද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා ‌නොමැති බවද වාර්තා ‌වේ.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න