එදා තිබුණේ දේශපාලන පළිගැනීම් - අද දේශපාලන පළිගැනීම් නෑ - විමල්

එදා තිබුණේ දේශපාලන පළිගැනීම් - අද දේශපාලන පළිගැනීම් නෑ - විමල්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම දේශපාලන පළිගැනීමක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහුට එරෙහිව ඇති චෝදනා හා සාක්ෂි පදනම් කර ගනිමින් රටේ නීතියට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවයි ඇමතිවරයා පවසයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කිසිසේත් අධිකරණයට හෝ නීතියට අයුතු බලපෑම් සිදු නොවන බවත්, ‍පසුගිය රජය සමයේ සිදුකළ දේශපාලන පළිගැනීම් වත්මන් රජය යටතේ සිදු නොවන බවත් වීරවංශ මහතා අවධාරණය කරයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එම කටයුතු නිදහසේ, අපක්ෂපාතීව සිදු කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කර ඇති බව ද ඔහු සඳහන් කරයි..

යහපාලන රජය විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන පළිගැනීම් සිදු කරද්දී, අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනිද්දී ඒ පිළිබඳව විරෝධය නොදැක්වූ ජනතා විමුක්ති පෙරමුණ එජාප මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිද්දී ඊට විරෝධය පළ කිරීමෙන් ඔවුන් අතර ඇති එකඟතාවය පැහැදිලි වන බව ද අමාත්‍යවරයා පවසන අතර, ජවිපෙ එජාපය වෙනුවෙන් පෙනී සිටීම අලුත් දෙයක් නොවන බව විමල්  වීරවංශ පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න