ස්විස්  තානාපති නිලධාරිනියගේ සිදුවීම : මාධ්‍ය සීතල නිහැඬියාවක !

ස්විස්  තානාපති නිලධාරිනියගේ සිදුවීම : මාධ්‍ය සීතල නිහැඬියාවක !

ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගත් බවට ‌චෝදනා එල්ල වූ සිදුවීම සම්බන්ධයෙන් ‌මේ වනවිට මාධ්‍ය දැඩි නිහඩ බවක සිටීම  දැඩි කුතුහලයකට තුඩු ‌දෙන්නක් බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

මේ සම්බන්ධව අවධානය යොමුකරමින් ඔවුන් පෙන්වා දෙන්නේ  පසුගිය සමයේ ‌මෙරට සියලුම මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබූ එකී සිදුවීම  ස්විට්සර්ලන්ත රජයේ විශේෂ නියෝජිතයා ලෙස ජෝග් ෆ්‍රීඩන් ශ්‍රී ලංකාවට පැමිණ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අවධානය ඉන් ඉවත්වූ බවයි.

ස්විට්සර්ලන්ත රජයේ විශේෂ නියෝජිතයකු වූ ‌ජෝග් ෆ්‍රීඩන් මේ සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කිරීමත් සමග සිදුවූ වාර්තාකරනයන්ගේ මේ හකුළා ගැනීම මාධ්‍ය විශ්ලේෂකයන් වෙත වටිනා නිමිත්තක් බවත් විචාරක මතය වී තිබේ.

මේ සිද්ධියට මුල් වූ කාන්තාව ‌මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. මේ සම්බන්ධව ස්විස් විදෙස් කටයුතු දෙපාර්තමේන්තුව "අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකළ නිලධාරිනියගේ මානව හිමිකම්" අවධාරණය කරමින් විශේෂ නිවේදනයක්ද නිකුත්කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න