ගෝඨාගේ දෙවැනි ගමන චීනයට : මෝදි ලංකාවට !

ගෝඨාගේ දෙවැනි ගමන චීනයට : මෝදි ලංකාවට !

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ සිය ‌දෙවන නිල සංචාරය ‌සනිටුහන් කරමින් චීනයට යාමට සූදානමින් සිටින බව දැනගන්නට ඇති අතර ඒ චීන ජනාධිපති ෂී ජින් පින් ගේ නිල ආරාධනාවකට අනුවය.

ඒ අනුව මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ දෙවන නිල සංචාරය වෙයි.

ලංකාවේ සිදු කර ඇති විදෙස් ආයෝජන සහ ව්‍යාපෘති අතරින් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ චීන රජය විසිනි.

ගෝඨා චීනයට යනකොට මෝදී ලංකාවට !

ජනාධිපතිවරයා සිය පළමු විදෙස් සංචාරය ‌ලෙස ‌තෝරාගත්තේ අසල්වැසි ඉන්දියාව වූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසුව ලංකාවට එන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා පත්වීමට නියමිතය.

ඒ ජනාධිපති ගෝඨාභය  සිය පළමු විදෙස් නිල සංචාරය ලෙස  ඉන්දියාවට ගිය අවස්ථාවේ  කළ ආරාධනාවකට අනුව ය.

දැනටමත් ඉන්දීය රජයෙන් ‌මෙම දැනුම්දීම නිල වශයෙන් රජයට දැනුම් දී ඇති අතර රජය පාර්ශ්වයෙන් අදාළ දින වකවානු ලබා දීමෙන් පසු ‌මෙම සංචාරය ස්ථිර කිරීමට කටයුතු ‌කෙරෙනු ඇති බවත් පැවසේ.

කෙසේවෙතත් පුරවැසි පනත මුල්කරගෙන මේ දිනවල ඉන්දියාවේ පවතින ‌දේශපාලන අර්බුද ‌හේතුවෙන් ජනවාරි අවසානය දක්වා ‌මෙම ගමන පමාවීමට ඉඩ ඇති බවත්  වාර්ත‌ා ‌වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න