මම කුමන්ත්‍රණකරුවෙක් නෙවෙයි : රනිල් කරුණු පැහැදිලි කරයි !

මම කුමන්ත්‍රණකරුවෙක් නෙවෙයි : රනිල් කරුණු පැහැදිලි කරයි !

කුමන්ත්‍රණකරුවෙකු ලෙස මහින්දානන්ද අලුත්ගමගේ  සඳහන් කළද තමන් එවැන්නෙකු නොවන බවත්, ඒ අනුව අදාළ සංයුක්ත තැටි සියල්ල පොලීසිය මගින් භාරගෙන තමා වරදක් කර තිබේ නම් එය රටට හෙළි කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (07) මේ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ රන්ජන් රාමානයක මන්ත්‍රීවරයාගේ සංයුක්ත තැටි පොලීසිය මගින් භාරගෙන ඇතත්, මේ වනවිට ඒවා පොදු දේපළක් බවට පත්ව සෑම තැනම විකාශය වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේදී සභා ගැබට පැමිණි රනිල් වික්‍රමසිංහ මෙලෙස විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු සභා ගැබෙන් පිටව ගිය බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න