එජාප නායකත්ව අර්බුදය විසඳීමට කරූ මැදිහත් වෙයි !

එජාප නායකත්ව අර්බුදය විසඳීමට කරූ මැදිහත් වෙයි !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසදීමට කතානායක කරූ ජයසූරිය මැදිහත්වීම ගැන දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අද (18) රාත්‍රියේදී ඉතා තීරණාත්මක සාකච්ඡා දෙකක් තම නිවෙසේදී පැවැත්වීමට කතානායක  සැලැසුම් කර ඇති බවත් දැනගන්නට ඇත.

වාර්තා වන ආකාරයට  ඉන් එක් සාකච්ඡාවක් එජාප නායක රනිල් වික්‍රමසිංහ  සමඟද අනෙක් සාකච්ඡාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සමඟද පැවැත්වීමට නියමිතය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝදුරට කතානායකවරයා මෙම සාකච්ඡාවේදී නායකත්වය භාරදීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ සමග සාකච්ඡා කරනු ඇති බවකි.

අවසාන වතාවට පැවැති එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සජිත් ප්‍රේමදාසට මන්ත්‍රිවරුන් 52කගේ සහාය හිමිව තිබිණ. ඊට අමතරව ඊයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදීද සුළු පක්ෂ නායකයන් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගැනීමට එකගතාව පළකර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න