Image

මේකට කියන්නේ වාසනාව කියල නෙවෙයි ද පුතා...?

මේකට කියන්නේ වාසනාව කියල නෙවෙයි ද පුතා...?

දැන් අලුතෙන් ම ඇවිල්ල තියන ශෝකාලාපය තමයි පුජිත් සහ හේමසිරි දෙන්නට දුන්න නඩු තීන්දුව සැරවැඩියි කියන එක. පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනි කියන වාක්‍යය මුලින් ම ලියල

ශිරාල් ලක්තිලක ගේ අපූරු නීති කටයුත්ත

මේක සිද්ධවෙන කාලෙ තමනුත් මෛත්‍රිපාල ගේ උපදේශක හැටියට ඉඳල මේ සැරවැඩි කතාව න්‍යායික විදියට ලියන්නේ ශිරාල් ලක්තිලක නීතිඥතුමා. (පසුව සබ්රිතුමා).

හැම ආණ්ඩු විරෝධියෙක්ම ඒ කතාව අල්ලාගෙන ෂෙයා කරනවා පේනවා. මේ වෙලාවේ විපක්ෂයට කතාවකට තියෙන්නේ ඒක විතරයි. ඒකයි මේ අවධානය.

ශිරාල් විපක්ෂය වෙනුවෙන් එයාගේ 'නීතිඥ කාර්යය' කරලා තියෙනවා. එයා කියන්නේ එයාල බලයේ හිටියනම් දෙන්නට අවවාද කරලා ගෙදර යවනවා වගේ එකක්. සුමටයි. සරලයි. මෙච්චර කාලයකට උඹල අපරාධකාරයින්ට කළේ ඔය ටික තමයි.

නිසැක ලෙස එල්ල වන දේශපාලන බලපෑම්

පාස්කුව කියන්නේ සම්පුර්ණ දේශපාලන ව්‍යාපෘතියක කොටසක්. ඒක සහරාන් ගේ තනි ආගමික දේශපාලනයක් වුනත්, රාජපක්ෂලා බලයට එන්න ගහපු ගේමක් වුනත්, වෙන එකක් වුනත් එතන තිබිල තියෙන්නේ ඉතාම සහාසික දේශපාලනයක්. ඒක නිසා තමයි මැල්කම් රංජිත් සහ සමස්ත ක්‍රිස්තියානි පල්ලිය ම ඒක ඒ දේශපාලන අර්ථයෙන් කියවා ගනිමින් ඉන්නේ. ඒ වගේ සහාසික දේශපාලන ව්‍යාපෘතියකට ප්‍රතිචාර දක්වන්න වෙන්නේ අතිශයින් දේශපාලනික විදියට. මාලිමා ආණ්ඩුව ඒක අරන් තියෙන්නේ ඒ අර්ථයෙන් සහ ඒක ගත යුත්තේත් ඒ අර්ථයෙන්. අවම වශයෙන් වින්දිතයින් පැත්තෙන්. මීට කලින් උං නොගත්තෙත් ඒ අර්ථයෙන්. ඒ නිසා නිසැක ලෙස මේ සියලු දේ ඇතුළට දේශපාලන බලපෑම් එල්ලවෙමින් පවතිනවා. එය එසේ විය යුතුමයි. එසේ නොමැතිව මේක කරන්න බැහැ. වියුක්ත කරන්න බැහැ.

අවස්ථාවාදී ව පාලකයෝ නියෝජනය කළ දේශපාලනයේ ගුණාත්මක බව

ඉතිහාසයේ හැම විප්ලවයක් එක්ක ම ජනතා කේන්තිය සහ දේශපාලනය එකට ගමන්කරලා තියනවා. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ මරි ඔන්ටනට් (ප්‍රංශ උච්චාරණය) ගිලටීනයෙන් බෙල්ල කපල මරල දානවා. ඒක එයා කරපු දේට දෙන්න තිබ්බ හරිම දඬුවම නොවෙන්න පුළුවන්. රුසියන් විප්ලවයෙන් පස්සේ සාර්ගේ බල්ලත් මරල දානවා. ඒකත් හරිම දඬුවම ද දන්නේ නැහැ. චීන විප්ලවය, ලෝක ජනතා නැගිටීම්, ලංකාවේ නැගිටීම් හැම තැනක ම පැවති පාලකයින් වෙනුවෙන් හරිම දඬුවම ලැබෙන්නේ නැහැ තමයි. ඒක ඒ වෙලාවේ පාලකයෝ නියෝජනය කරපු දේශපාලනයේ ගුණාත්මක බවට සාපේක්ෂයි. මාලිමාව කියන්නේ අනික් හැම වෙලාවේ ම ලංකාවේ වෙච්ච බල හුවමාරුවට තරමක් වෙනස් තත්ත්වයක්. අරගලයෙන් පස්සේ ජනතා කේන්තිය නියෝජනය කරන්නේ මාලිමාව. ඒ නිසා ඒක ඇතුළෙ දේශපාලනයක් තියනවා. ඒ දේශපාලන වෙනුවෙන් ඔවුන් වගවෙමින් ඉන්නවා.

මාලිමා ආණ්ඩුව යනු...

හැබැයි මාලිමාව ඒ අතින් ගොඩක් හොඳයි. ඔවුන් අර හොර හැත්ත ගේ හොරකම් සහ නොපනත්කම් සෙවීම සඳහා පැවතී ව්‍යුහය ම පාවිච්චි කරමින් ඉන්නවා. ඇත්තට ම නම් ඇත්ත විප්ලවීය ආණ්ඩුවක් යටතේ වෙන්න ඕනි වෙන ම අධිකරණයක් පිහිටුවන එක. ශිරාල් තේරුම් නොගන්නා දෙය නම් මාලිමාව යනු (ජනතා අභිලාශ පැත්තෙන්) ඉතිහාසයේ තවත් එක් ආණ්ඩුවක් නොවේය යන්න. වෙනත් විදියකට කිව්වොත් මේ ආණ්ඩුව යනු මෛත්‍රීපාල අඬගසා මයින්ද මාත්තියා පුටුවේ ඉන්දවපු ශිරාල් ගේ ආණ්ඩුව හෝ ගෝඨාභය අඬගසා රනිල් පුටුවේ ඉන්දවපු පිස්සු ආණ්ඩුව හෝ නොවේය යන්න. මෙය වෙනස් තත්ත්ව යටතේ ඇතිවුණු වෙනස් ආණ්ඩුවක්. ඒ නිසා අභිලාෂවල තීව්‍රතාව ඉතාම ඉහළ යි. ඒක තමයි දේශපාලනය.

වින්දිතයින් ගේ වාසනාව

මේක සුවිශේෂ තත්වයක්. මේක තේරුම්ගත යුත්තේ සුවිශේෂ ආකාරයකට. එසේ තිබියදී පවා මේ නීති ක්‍රියාපටිපාටිය ඉතාම හොඳ තත්ත්වයක්. 19 සහ 20 වෙනි සියවසේ ජනතා නැගිටීම් එක්ක ජනතා විරෝධී පාලනතන්ත්‍රවලට දඬුවම් ලැබුණේ මහපාරේ. හැබැයි දැන් අධිකරණ ක්‍රියාවලියක් හරහා. ලෝක ධර්මයට යටත්ව. හිතපල්ලා මේ උඹලගේ වාසනාව කියල.

පූජිත සහ හේමසිරිට අමතරව තවත් උං ඉන්නවානම් උංටත් මෙච්චරම තමයි. බණපොත් පිරුවානා කතා එතන වැඩක් නෑ. එව්වා කියවන්න තිබ්බේ මෙව්වා වෙන්න ඉස්සර.

මිනිස්සු අතින් පාරේ මැරෙන්නේ නැතුව බණ පොතක් හරි කියවලා හිරේ මැරෙන්න තියෙන එක වාසනාව නෙවෙයි ද පුතා...?

maheshමහේෂ් හපුගොඩ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න