නීතිපතිගේ ප්‍රතිචාරය කුමක්ද ?

නීතිපතිගේ ප්‍රතිචාරය කුමක්ද ?

නීත්‍යනුකූල අවසරයකින් තොරව ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් පස්දෙනෙකු ත්‍රිපුද්ගල මහාඅධිකරණය ජනවාරි 17 දින නිදහස් කරනු ලැබීය.

රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම, විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජෙනරාල් බී. එගොඩවෙල හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මෙසේ නිදහස් කරනු ලැබීය.

එමෙන්ම එම නඩුවේ විත්තිකරුවෙකු වන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට ඇප ලැබීමද එහිදී සිදුකරනු ලැබීය.

ගිනිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා 7573ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව පවරනු ලැබීය. ඒ විත්තිකරුවන් 13න් දෙනෙකුට එරෙහිවය. විත්තිකරුවන් පස්දෙනෙකු නඩුවෙන් නිදස් වීමත් සමගම දැන් එහි විත්තිකරුවන් ගණන හත්දෙනෙකි. එමෙන්ම දම්මික ගනේපාළ, ආදිත්‍ය පටබැඳිගේ හා මංජුල තිලකරත්න යන ස්ථිර ත්‍රිපුද්ගල මහාඅධිකරණ විනිසුරු මඩුල්ල එම චෝදනා ප්‍රමාණය 19 දක්වා අඩුකර ඇත.

මෙම නඩුව පෙබරවාරි 10 වෙනිදා කැදවීමට නියමිත අතර පාවෙන අවිගබඩා ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 11.04 පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබුණි. එම පාවෙන අවි ගබඩාව තුළ ස්වයංක්‍රීය ගිණිඅවි 816ක්, ජීව පතොරම් 200,935 නිසි අවසරයකින් තොරව ගබඩා කර තිබුණි.

නීතිපති දප්පුල ද ලීවේරා මීට පෙර ඔහුගේ මතයට එරෙහි අධිකරණ ඇප ලබාදීම ගැන ඊට ඉහළ අධිකරණවලට ප්‍රතිශෝධණ අයදුම්පත් යොමුකර ඇත. ත්‍රිපුද්ගල මහඅධිකරණයේ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද?

අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න