මඩකලපුවේ මාධ්‍යවේදීන්ට තර්ජන : නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරීක්ෂණයක් ඉල්ලයි !

මඩකලපුවේ මාධ්‍යවේදීන්ට තර්ජන : නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරීක්ෂණයක් ඉල්ලයි !

සිය කාර්යාලයට ගෙනැවිත් දමා තිබු නිර්නාමික පත්‍රිකාවක් මඟින් තමන්ගේ සාමාජිකයින් කිහිප දෙනෙකු නම් කොට මරණිය තර්ජන එල්ල කර ඇතැයි මඩකලපුව මාධ්‍ය සමාජය පවසයි. 

කෙබඳු පසුබිමක් යටතේ කුමන පාර්ශවයක් විසින් එල්ල කරනු  ලබන  තර්ජනයක් වුවද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකන්නේ එය එම මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට එල්ල වන බාධාවක් වශයෙනි. 

මාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ද තර්ජනයක් විය හැකි මෙම සිදුවීම සම්බන්ධ වගකිවයුත්තන්  සොයා ගැනීමට වහාම පරික්ෂණයක් සිදු කොට සිදුවීම පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීමට සලස්වන ලෙසත්, ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු  වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න