ප්‍රධාන පක්ෂ දෙකටම හිරුණිකා දෙහි කපයි !

ප්‍රධාන පක්ෂ දෙකටම හිරුණිකා දෙහි කපයි !
ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ හොඳ මිතුරෝ. ඒ අයට ඩීල් තියෙනවා. ඒ නිසා නිසා ඔය පක්ෂ දෙකෙන් කොයි එක බලයට ආවත් කිසිම හොරෙකුට, මීනිමරුවෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
 
 අද (26)  කොළඹ 07, මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සදහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
“ගිය ආණ්ඩු කාලෙත් හොරු ගැන කතා කළා දැනුත් හොරු ගැන කියනවා. හිරේ ගිය එක හොරෙක්වත් ඉන්නවාදැ” යි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහිදි තවදුරටත් ඇය මෙසේද පැවසුවාය.
 
“මේ රටේ මිනිස්සු ඇත්තටම පව්. ඒ අය මේ ඇත්ත තේරුම් ගන්නේ නැහැ. බලයට එන්න කලින් මේ ආණ්ඩුවේ අය උදේ කෑමට දවල් කෑමට රෑ කෑමට තුනටම ගත්තේ බැඳුම්කරේ. දැන් ඒ ගැන කතාවක් නැහැ. වෝහාරික විගණන වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විම වළක්වන්නයි ඒ අයට අවශ්‍යවෙලා තියෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිටත්, අගමැතිටත් පුලුවන් නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනත් බැඳුම්කර නඩුව අහලා දඬුවම් දෙන්න කියලා. ඒ වගේම මම ජනතාවට කියනවා මේක කවදාවත් වෙන්නේ නැති බව. අර්ජුන්ලාට ඇලෝසියස්ලාට මේ පක්ෂ දෙකේම නායකයෝ යාලුවෝ. ඔවුන් මැතිවරණ කාලයේදි මේ දෙකටම මිලියන ගණන් මුදල් වැය කරනවා. ඒ නිසා කවුරු බලයට ආවත් එයාලගේ බිස්නස් සරුයි. මෙච්චරකල් වුණෙත් ඒක ඉස්සරහට වෙන්නෙත් ඒක. තව අවුරුදු දහයක් ගිහින් බලන්න මම කියපු දේවල් බොරුද කියලා.
       
මහමැතිවරණයේදි තුනෙන් දෙක ගණන් අවශ්‍ය නිසා සමහර විට කලින් කතා කරගෙන ටික දවසකට කියලා කවුරුහරි එක්කෙනෙක් හිරේ දාන්න පුලුවන්. ඡන්දෙන් පස්සේ ඒ මනුස්සයාත් එළියට එනවා. ඩීල් නැති අයට තමයි නඩු වැටෙන්නේ” .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න