දූෂණ චෝදනා තිබියදීම : විදුලි පුද්ගලික සමාගමේ ලොකු පුටුවක් වෙනුවෙන් සාදයක් !

දූෂණ චෝදනා තිබියදීම : විදුලි පුද්ගලික සමාගමේ ලොකු පුටුවක් වෙනුවෙන් සාදයක් !

ලෙකෝ හී සේවයේ නිරත පසුගිය සමයේ දී දූෂණ චෝදනා ලබා සිටි නරේන්ද්‍ර සිල්වා  සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යධීකාරී  තනතුර ලබා ගැනීම සදහා උත්සාහ කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් විදුලි පුද්ගලික සමාගමේ  සභාපතිට සහ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනකු වෙත සාදයක්ද පවත්වා ඇති බවත් සඳහන් ය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත්කර ඇති විශේෂ නිවේදනයේ මේ බව සදහන් අතර "ලෙකෝ දූෂිත නරේන්ද්‍ර සිල්වා  සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යධීකාරී       තනතුර ලබා ගැනීම සදහා සටනක. සභාපතිට සාදයක්" මැයෙන් නිකුත්කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ වෘත්තීය සමිති එකමුතුව විසින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ හා සිදුවෙමින් පවතින වංචා හා දූෂණ සම්බන්ධයෙන්  අවශ්‍ය පියවර ගන්නැයි  එවකට අමාත්‍ය ධූරය දැරෑ රංජිත් සියඔලාපිටිය ඇමතිවරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව 2018/6/19 දින අමාත්‍යාවරයා විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝග කරන ලදී. 

ඒ අනුව ලේකම්වරයා විසින් PE/1A/140 දරණ 2018/07/10 දිනැති ලිපිය මගින් පූර්ණ පංචපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර.එකී කමිටුවේ  වාර්තාව 2018/10/09 වන දින   එළ දක්වන ලදී.

එම වාර්තාව මගින් සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සිදුවූ දූෂණ හා වංචා  කිහිපයකට නරේන්ද්‍ර සිල්වා‌ගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය කර ඇත. වැඩිදුරටත් එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඉංජිනේරු අංශ ප්‍රධානී  නරේන්ද්‍ර සිල්වා වරලත් ඉංජිනේරු සහතිකය ‌ෙනාමැතිව ඉංජිනේරු අංශයට බදවා ගෙන ඇති බවයි. ඔහුගේ සැළසුමකට අනුව නුගේගොඩ භූගත කේබල් ව්‍යාපෘතිය අසාර්ථක වූ බවද එම වාර්තාව සදහන් කරයි. තවද ඔහුගේ නිවසට නීති විරෝධී ආකාරයෙන් විදුලි සැපයුමක් ලබා ගෙන ඇති බවද නරේන්ද්‍ර සිල්වා ආයතනයේ වාහන ණය ලබා ගැනීමේදී සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පහත සදහන් නිගමනයන්ට එළඔ ඇත.

නිළධාරියා විසින් ඔහුගේ භාර්යාවගේ නමට ඇති සහනදායි පදනම මත මෝටර් රථයක් ආනයනය කිරීමට ලද බලපත්‍රයක් මගින් ලෙකෝ සමාගමෙන් වාහණ ණය මුදලක් ලබා ගෙන මෝටර් රථයක් ආනයනය කර ඇත. 
මෙම ක්‍රමයට වාහනයක් ගෙන්වීම සදහා පවතින ආයතන චක්‍රලේඛණ වලින් ඉඩක් නොලැබෙන බව කමිටුවේ හැගීම බව.

උක්ත කරුණ අනුව නරේන්ද්‍ර සිල්වා සිල්වා විසින් වාහනය මිලදී ගැනීමට ණය අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදි නොවන බව තහවුරුවන බව

මෙම දූෂණ වංචා සිදු කර ඇති නරේන්ද්‍ර සිල්වා‌ 2020/01/28 දින පැවැත්වීමට නියමිත සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමීදී සාමාන්‍යාධිකාරිවරයා ලෙස පත් කර ගැනීම සදහා වන යෝජනාවක් සම්මත කර ගැනීම සදහා මේ වන විට විශාල උත්සහයක නිරතවෙමින් සිටී. ඒ සදහා 2020/01/25 වන දින බොරලැස්ගමුව රත්තනපිටිය පිහිටි සුපිරි හෝටලයක සාදයක් පවත්වා ඇත. 

ඒ සදහා සී/ස ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපතිවරයාට හා ඉහළ නිළධාරීන් හා  පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින්ට සහභාගී වී ඇත.

ලක්ෂ 69 ක් ජනතාව තම ඡන්දය ලබා දී නව ජනාධිපතිවරයා පත් කරගත්තේ දූෂීතයින්ට තනතුරැ ලබා දීමට නොවන බවද සභාපතිවරැන්ට මත්පැන් සාද පවත්වා තනතුරැ පිරිනැමීමට නොවන බවද පාලකයින් වටහා ගතයුතු අතර දූෂිත නරේන්ද්‍ර සිල්වා‌ට කල වැරදිවලට දඩුවම් දිම හැර උසස්වීම් ලබා දීම පිළිබදව අප සංවිධානයේ දැඩි විරෝධයද පළ කරන අතර මේ පිළිබදව 2020/01/29 දින අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙමු.

ලක්ෂ 69 ක් ජනතාව තම ඡන්දය ලබා දී නව ජනාධිපතිවරයා පත් කරගත්තේ දූෂීතයින්ට තනතුරැ ලබා දීමට නොවන බවද සභාපතිවරැන්ට මත්පැන් සාද පවත්වා තනතුරැ පිරිනැමීමට නොවන බවද පාලකයින් වටහා ගතයුතු අතර දූෂිත නරේන්ද්‍ර සිල්වා‌ට කල වැරදිවලට දඩුවම් දිම හැර උසස්වීම් ලබා දීම පිළිබදව අප සංවිධානයේ දැඩි විරෝධයද පළ කරන අතර මේ පිළිබදව 2020/01/29 දින අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිලි කිරීමටද බලාපොරොත්තු වෙමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න