යහපාලන ආණ්ඩුව සමයේ හඳුන්වා දුන් මිල සූත්‍රය ක්‍රියාත්මකව තිබුනා නම් මේ වන විට ඉන්ධන මිලෙහි රුපියල් 20ක පමණ අඩුවීමක් සිදුවන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
ඔවුන් මේ බව පැහැදිලි කරන්නේ මේ වන විට ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල පහළ යාමේ පසුබිම ඇගයීමට ලක්කරමින්ය.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට මේ වන විට ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලය ඩොලර් 70 සිට 54 දක්වා අඩුවී ඇත.
නමුත් ඒ අඩුවීමේ වාසිය කිසිදු ආකාරයකට ජනතාව වෙත ලැබෙන තත්ත්වයක් දකින්නට නොමැත.
පසුගිය සමයේ පොදුජන පෙරමුණ විපක්ෂය ලෙස කටයුතු කරන විට එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස බන්දුල ගුණවර්ධන විසින් ආර්ථික පර්‍යේෂණ ඒකකය කියා ආර්ථිකය සම්බන්ධව තමන්ට දේශපාලන වාසි ලබාගැනීම සඳහා මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ අතර ජඩමාධ්‍ය ඒ සඳහා පැහැදිලි ගුවන් කාලයක්ද වෙන්කර තිබුනා අපට මතකය.
නමුත් ආණ්ඩු පෙරළිය සමග මන්ත්‍රී බන්දුල අද අමාත්‍යවරයකුවී ඇත. ඔහුගේ ආර්ථික පර්‍යේෂණ ඒකකය වසා ඇත. ජඩමාධ්‍ය හැසිරීම ඊටත් අන්තය. ඔවුන් මේ මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත නොදීම පමණක් නොව ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල අඩුවීම ගැනවත් ප්‍රචාරය කරන්නේ නැත.

