ආරක්ෂක අමාත්‍යාංශය ආනයනය කළ වෙඩි නොවදින රථ : දැන් පදින්නේ ගෝඨාභය !

ආරක්ෂක අමාත්‍යාංශය ආනයනය කළ වෙඩි නොවදින රථ : දැන් පදින්නේ ගෝඨාභය !
2015 2019 කාලය තුළදී රක්ෂක අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා සහ පාවිච්චි උදෙසා ගෙන්වන ලද වාහන අද වන විට භාවිතා කරන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව හිටපු ජනාධිපති සිරිසේනට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
 
එම ආරංචි මාර්ග මේ බව සදහන් කර සිටියේ ඊයේ දිනයේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසිනි පාර්ලිමේන්තුව තුළදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.
 
මෙම ප්‍රතිචාර දැක්වීමට අනූව අදාල වෙඩි නොවදින වාහන 2015 වර්ෂයේදී මුලින්ම ආනයනය කිරීමට හේතුව ප්‍රධාන කාරණාව වන්නේ 2015 වර්ෂයේදී මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ජනාධිපතිවරයා වෙනුවෙන් තිබෙන වෙඩි නොවදින වාහන කිහිපයක් රැගෙන මැදමුලනට යාමය.
 
රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරක්ෂාව උදෙසා ඉතා ඉක්මනින් වාහන ආනයනය කිරීමට රක්ෂක අමාත්‍යංශයට සිදුව ඇත.
 
එම කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ  රැගෙන ගිය වෙඩි නොවදින මෝටර් රථ ජනාධිපතිවරයා හට ලබාදෙන ලෙස රක්ෂක අමාත්‍යංශය අවස්ථා කිහිපයකදී දැන් වුවද මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ  මහින්ද රාජපක්ෂ ජනාධිපති  යුද්ධය අවසන් කළ නායකයා ලෙස ජීවිත තර්ජන තිබෙන බැවින් අදාළ වාහන ලබාදීමට නොහැකි බව යි.
 
 එමෙන්ම ඒ සමයේදී  මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ හිතවත් දේශපාලනඥයන් ‍ප්‍රකාශ කර ඇත්තේ  ජාත්‍යන්තර වුවමනාව මත මහින්ද රාජපක්ෂ ගේ ජීවිතය අනතුරේ හෙළීමට හිතාමතාම වෙඩි නොවදින වාහන සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බවය.
 
අදාල තත්ත්වය සැලකිල්ලට ගෙන අවසානයේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා හට ආරක්ෂාව සැපයීම සඳහා වෙඩි නොවදින වාහන කිහිපයක් ආනයනය කරන්නට කටයුතු කර ඇත.
 
අදාල සියලු වාහන ජනාධිපතිවරයා හට නිල වාහන ලෙස රජය විසිනි මිලදී ගන්න වාහන වෙයි.
 
 ඒ අනූව  එම සියලූ වාහන ජනාධිපති තනතුර දරන පුද්ගලයා ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් මිලදී ගත් වාහන ලෙස හැඳින්විය යුතුය. 
 
තවද ආරක්ෂක  අංශ විසින්  වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙඩි නොවදින ආරක්ෂාව ලබාදෙන්නේ අදාල වාහන තුළින් බව අප හට දැනගන්නට ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න