කරන්න පුළුවන් දේ කරලම  පෙන්වන්නම් : ශ්‍රිලනිපය පොහොට්ටුවෙන්ගේම ඉල්ලයි !

කරන්න පුළුවන් දේ කරලම  පෙන්වන්නම් : ශ්‍රිලනිපය පොහොට්ටුවෙන්ගේම ඉල්ලයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කරන ලද ගිවිසුම් තවදුරටත් අවශ්‍ය වන්නේ නැතිනම් එම ගිවිසුම් ගෙනවිත් පුච්චා දමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක  සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තනියෙන් කළ හැකි දේ දන්නා බවත් අවශ්‍ය වුනොත් එය කර පෙන්වීමට සූදානම් බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතිව කිසිවෙකුට ආණ්ඩු පිහිටමින් නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියි.

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කලහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 20ක් පමණ ලබා ගත හැකි බව ද ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශකයා පවසා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් උත්සාහ කරන්නේ ජනාධිපතිතුමන්ට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දීම බවත්  ඒ සඳහා තවමත් අවස්ථාව ඇතැයිද සඳහන් කළේය.

සිරිසේනයි චන්ද්‍රිකායි දෙන්නම එපා - ප්‍රසන්න 

මේ අතර පොහොට්ටු පාර්ශවයේ ඇති ශ්‍රිලනිප විරෝධය යළිත් අවුළුවමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා සිටින්නේ මීළඟ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3ක බලයක් ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන හෝ චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ සහාය අවශ්‍ය නැති බවය.

අමාත්‍යවරයා  මේ බව කියා සිටියේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවති උත්සවයක් අමතමිනි.

අන්තවාදී නොවන රටට ආදරය කරන ඕනෑම අයෙකුට පොහොට්ටුව සමඟ එක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

අලුත් අවුරුද්දෙන් පසු මීලග පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා බහුතර බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු එහිදී  ඔහු පැවසීය.

ශ්‍රිලනිප පාක්ෂිකයන් පිබිදෙයි !

මේ අතර ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ පොදුජන පෙරමුණ සමග එක්ව ගොස් වැනසෙනු වෙනුවට තනිව පක්ෂයක් ලෙස එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට ශ්‍රිලනිපය තුළ මතුව ඇති සංවාදය සම්බන්ධව පක්ෂයේ ක්‍රියාකාරීන් අතර  දැඩි උනන්දුවක් ඇතිකර තිබෙන බවයි.

දුර්වල වී බිඳ වැටුන පක්ෂයක් වසරකින් දෙකකින් ගොඩදැමීම දුෂ්කර නමුත් පොහොට්ටු ආණ්ඩුවේ ආරම්භයේ සිට දක්වන දුර්වලතා සහ රාජපක්ෂ පවුල මත පමණක් පදනම් වීම හමුවේ එහි අනාගතය එතරම් යහපත් නොවනු ඇති බවත් ශ්‍රිලනිපය තුළ සිදුකරන රැඩිකල් පක්ෂ ප්‍රතිසංවිධානයක් හමුවේ නැවත ප්‍රගතිශීලී ජනතාවගේ ආකර්ශනය ඊට ලබාගැනීමට හැකි බව ඔවුන්ගේ දැඩි මතය බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර වලට සහ පොහොට්ටු ආණ්ඩුවේ නිවට නියාළු කොටස්කරුවන් වී අමාත්‍ය සැප විඳින්න සිහින දකින කිහිපදෙනකු නිසා අභිමානවත් පක්ෂයක් ඉතිහාසයේ කුනු බක්කියේ වැටීමට ඉඩ නොදිය යුතු බවත් පාක්ෂිකයන් බහුතරයකගේ මතය වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න