රනිල් - සජිත් මත ගැටුමක් : මාතෘකාව ශවේන්ද්‍ර !

රනිල් - සජිත් මත ගැටුමක් : මාතෘකාව ශවේන්ද්‍ර !

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ අයට වීසා බලපත්‍ර නිකුත් නොකිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් තීරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දැක්වූ අදහස් වලට තමාට හෝ පක්ෂයට කිසිදු සම්බන්දයක් නැතැයි ඇඟවීමට රනිල් වික්‍රමසිංහ උත්සහ දරන බව වාර්තා වේ. 

‘The Sunday Morning’ පුවත්පත  වාර්තා කරන පරිදි වික්‍රමසිංහ සඳුදා (17) කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයට පණිවුඩයක් යවමින් කියා සිට ඇත්තේ යුධ හමුදාපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට එක්සත් ජනපදය විසින් පනවා ඇති සංචාරක සීමාවන් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විසින් කරන ලද අදහස් කිසිදු ආකාරයකින් එක්සත් ජාතීක පක්ෂයේ හැඟීම් පිළිබිඹු නොකරන බවයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු පෙන්වා දෙන්නේ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ද එක්සත් ජනපදය එවැනිම සංචාරක තහනමක් පැනවූ විට සජිත් ප්‍රේමදාස මෙවැනි දැඩි ප්‍රකාශයක් සිදු නොකළ බවත් මෙම අදහස් දැන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ අදහස් විමසීමකින් තොරව බවත් යි. 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනය ප්‍රසිද්ධියට පත් වූ විගසම සජිත් ප්‍රේමදාස, සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම සිදුවීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළ අතර යුද හමුදාපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට සිය සහය පළකළේය.

(මුලාශ්‍ර පුවත-  UNP and Sajith at odds over Shavendra)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න