කරන්නාගොඩට සිතාසි දෙන්න බැරි වෙලා : CID ලැජ්ජා වෙන්නැයි අධිකරණය කියයි !

කරන්නාගොඩට සිතාසි දෙන්න බැරි වෙලා : CID ලැජ්ජා වෙන්නැයි අධිකරණය කියයි !

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳ නඩුවේ 14 වන විත්තිකරු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට මේ වන තුරු සිතාසි භාරදීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (24) ප්‍රකාශ කළේය. 

අදාළ නඩුව අද චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර අදාළ ප්‍රකාශය නිකුත් කෙරුණේද එහිදීය.මීට පෙර අධිකරණය විසින් තුන් වතාවක් වසන්ත කරන්නාගොඩට සිතාසි නිකුත් කර ඇත. එහෙත් නඩුව කැඳවූ අද දිනයේ ද අධිකරණය හමුවේ  පෙනී සිටියේ නැත.

මෙම පෙනීනොසිටීම සම්බන්ධව අධිකරණය ප්‍රශ්න කර සිටි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබුනේ මේ වනතෙක්ම ඔහුට සිතාසි භාරදීමට තමන්ට නොහැකි වූ බවය. මේ සම්බන්ධව  විනිසුරු මඬුල්ල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  වසන්ත කරන්නාගොඩ යනු රටේ ආරක්ෂක අංශවල සිටි ඉහළම නිලධාරියකු බැවින් ඔහුට මෙතරම් කල් සිතාසි බාරදීමට නොහැකිවීම සුළුවෙන් තැකිය නොහැකි බවය.

එසේම නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවත්  තරයේ අවධාරණය කර ඇත.මෙහිදී වසන්ත කරන්නාගොඩට සිව්වන වරටත් සිතාසි නිකුත් කරන ලෙස නියම කළ අධිකරණය එම සිතාසි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හරහා යොමු කරන ලෙසත් එහි පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් ඔහුගේ පෞද්ගලික ලිපිනයට යොමු කරන ලෙසත් තවත් පිටපතක් එම නිවසේ සිටින සේවකයකුට හෝ ඥාතියකුට බාරදෙන ලෙසත් තවත් පිටපතක් එම නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙසත් නියම කර තිබේ. මෙම නඩුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ මාර්තු 20 වනදාය.

කරන්නාදොඩ නිමල්ගේ සාදයේ !

මේ අතර සිතාසි ලබාදීමට නොහැකිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පසුගිය පෙබරවාරි 04 පැවති රාජ්‍ය නිදහස් දින උත්සවයේ සිටිනු දක්නට ලැබුණු අතර එසේම ඔහු කෝටිපති ව්‍යාපාරික නිමල් පෙරේරා පැවැත්වූ සාදයටද සහභාගීව සිටියේය. 

එම සේයාරුව සාමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබු අතර එය පහත දැක්වෙයි.

87454317 2870089743057789 8798959444726644736 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න