රෝහිතට: අල්ලස් කොමිසමෙන් නඩුවක් !

රෝහිතට: අල්ලස් කොමිසමෙන් නඩුවක් !

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගි වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍රලේඛනවලට  පටහැනිව රුපියල් ලක්‍ෂ 15 කට අධික මුදලක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් ආර් වටවලව  පොළඹවන ලද බවට හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය නඩු පවරා ඇත.

අද (25) එම නඩු පැවරීම සිදුකළ අතර විත්තිකාර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම  අදාළ වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා සහභාගී වීම වෙනුවෙන් සහ හෝටල් ගාස්තු ගෙවීම සඳහා ආයෝජන මණ්ඩල සභාපති හා අධක්ෂක ජනරාල්වරයා පෙළඹවීම මඟින් අල්ලස් පනතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම මෙහිදී සඳහන් කර ඇත.

2006 ජුනි මස 21 වැනිදාත් 2006 ජුනි මස 23 වැනිදාත් අතර කාලයේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති වෙළඳ ප‍්‍රදර්ශනයට හා ගැනුම්කරුවන්ගේ හමුව සඳහා ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස සහභාගී වෙමින්  මහා භාණ්ඩාගාරයේ  චක්‍ර ලේඛන වලට පටහැනිව ඇමෙරිකා ඩොලර් 4019 ක් රුපියල් 4,17,425/-ක් ගෙවීමට ආයෝජන මණ්ඩල සභාපති හා අධක්‍ෂ ජනරාල් ලක්ෂ්මන්  ආර් වටවල මහතා පොළඹවන ලද බවටද එම අවස්ථාවේදී රෝහිත බෝගොල්ලාගම මහතා ‘ලන්ඩන් නුවර පාර්ක් ලේන් හිල්ටන් හෝටලයේ’ නවාතැන් ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ  චක්‍ර ලේඛන වලට  පටහැනිව බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා ස්ටර්ලින් පවුම් 5878.49ක් රුපියල් 11,70,444/-ක් ගෙවීමට ලක්ෂ්මන්  ආර් වටවල මහතා පොළඹවන ලද බවටද හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම වෙන වෙනම චෝදනා නඟා ඇත.

විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 10 දෙනෙකු හා ලේඛන 15 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් මෙම නඩුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබු අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකුගේ අත්සන් නොමැති මෙම නඩුව පවරා ඇති බව කියමින් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් හේතූවෙන් මෙම නඩුව ඉවත දැමීමට සිදුවු අතර පසුව එම සිද්ධිය පාදක කරගනිමින් අල්ලස් පනත යටතේ විග‍්‍රහ කෙරෙන දුෂණය නමැති වරද සිදුකර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම යළිත් වරක් මෙම නඩුව පවරනු ලැබිණි.          

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න