එඩිතර මාතරකම : එක්සත් ජාතික මංගල දිනන සටන අරඹයි (සජීවී ) !

එඩිතර මාතරකම : එක්සත් ජාතික මංගල දිනන සටන අරඹයි (සජීවී ) !

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින්, මාතර දිස්ත්‍රීක්කය සඳහා වූ ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය අද (29) ආරම්භ කරයි.

''එඩිතර මාතරකම'' යන තේමාවෙන් යුතුව එම මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

ඒ වෙනුවෙන් ඔහුගේ මාතර නිවසේ අද පෙරවරුවේ විශේෂ උත්සවයක් පැවැත්වෙන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද එම අවස්ථාවට එක්වීමට නියමිතය. 

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමටත් පෙර ඔහු මෙසේ සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේදැයි මෙතෙක් නිශ්චිත තීන්දුවක් පවා ගෙන නොමැති මොහොතකය.

එහෙයින් ඔහු සිය ආරම්භක ප්‍රචාරක මෙහෙයුම තුල පක්ෂයක සලකුණක් ප්‍රදර්ශනය කර නොතිබීම විශේෂ කාරණයකි.

එක්සත් ජාතික පක්ෂයේ සමගිය වෙනුවෙන්...

කෙසේවුවද මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වලක්වා ගැනීම සඳහා රනිල් හා සජිත් පාර්ශව අතර සම්බන්ධිකරණ කාර්යක් ඉටුකරමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, පෙරේදා සිය නිවසේ සංවිධානය කර තිබු පිරිත් පින්කමට සජිත් ප්‍රේමදාසට මෙන්ම රවී කරුනානායකට ද ආරාධනය කර ඔවුන් දෙදෙනා සමග රහස් කතාබහක් සිදුකර ඇතැයි ද වාර්තාවේ. 
WhatsApp Image 2020 02 29 at 7.33.47 AM

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 මහ මැතිවරණය සඳහා තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමට පෙර පෙබරවාරි 27දා රාත්‍රී සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනයක් පවත්වා ත්‍රීවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය.

 එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් අද (29) මාතර දී පැවැත්වෙන විශේෂ උත්සවයේ සජීවී විකාශය මෙතනින්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.