වැඩ බැරි ආණ්ඩුවේ බොරු මාට්ටු වෙයි : මිල සූත්‍රය අනූව මංගල ඉන්ධන මිල පෙන්වයි ! (වීඩියෝ )

වැඩ බැරි ආණ්ඩුවේ බොරු මාට්ටු වෙයි : මිල සූත්‍රය අනූව මංගල ඉන්ධන මිල පෙන්වයි ! (වීඩියෝ )
තම ආණ්ඩු සමයේ පැවති ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම් අද  වන  විට  පෙට්‍රල් ලීටරය රුපියල් 107.00 ට සහ ඩීසල් ලීටරය රුපියල් 74.00 ට ලබාදීමට අවස්ථාව තිබූ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
 
ද  ලීඩර් ටීවී යූ ටියුබ් චැනලයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අනාවරණය කර  ඇත.
 
එහිදී  ආණ්ඩුව වෙත අභියෝගයක් කරමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ "සේවකයන්ට ලබා දුන් පඩි වැඩි වීම් පවා නවත්වලා තියෙනවා මේ රටේ විශ්‍රාමිකයන්ට ජනවාරි 1 වෙනිදා සිට ලබාදෙන්නට නියමිත වූ අනෙකුත් වැඩි වීම් සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා ගම්පෙරළිය වැනි සංවර්ධන  වැඩසටහන් සියල්ලම නවත්තලා මුළු රටම මහා ආර්ථික අර්බුධයකට තල්ලු වෙන මේ මොහොතේ අඩුම ගානේ මෙන්න මේ ලොකයේ තෙල් මිල අඩු වීමේ වාසියවත් මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා මම අභියෝග කරනවා" කියාය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
 ඒ අනුව පෙට්ට්‍රල් වලට ඩීසල් වලට මම කියපු ප්‍රමාණයටත් වඩා අප රජය තිබුණානම් මිල සුත්‍රය ක්‍රියාත්මක කරන 10 වෙනිදා අද වැනි දිනයක අපිට පෙට්ට්‍රල් රුපියල් 107 දක්වාත් ඩීසල් රුපියල් 74 දක්වාත් අපි අඩු කරනවා. නමුත් රාජපක්ෂ රජය මේ වාසිය ජනතාවට ලබා දෙන්නේ නැහැ.
 
 ඒ නිසා මම මෙම අඩු වීම වහාම ජනතාවට ලබා දෙන්න කියලා වර්තමාන මුදල් ඇමතිවරයාටත්, වර්තමාන රජයටත්, වර්තමාන ජනාධිපතිගෙනුත් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම අද මේ රටේ ජනතාව බඩු මිල නිසා තැලිලා පොඩිවෙලා ඇත්ත වශයෙන්ම ජිවත් වෙන්නට බැරි තත්වයක් පසුගිය මාස තුන තුලදී ඇති වෙලා තියෙනවා. 
 
ඒ වගේම මේ රටේ රජයේ සේවකයන්ට ලබා දුන් පඩි වැඩි වීම් පවා නවත්වලා තියෙනවා මේ රටේ විශ්‍රාමිකයන්ට ජනවාරි 1 වෙනිදා සිට ලබාදෙන්නට නියමිත වූ අනෙකුත් වැඩි වීම් සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා.
 
 ගම්පෙරළිය වැනි සංවර්ධන  වැඩසටහන් සියල්ලම නවත්තලා මුළු රටම මහා ආර්ථික අර්බුධයකට තල්ලු වෙන මේ මොහොතේ අඩුම ගානේ මෙන්න මේ ලොකයේ තෙල් මිල අඩු වීමේ වාසියවත් මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා මම බල කරනවා ලබා දෙන්න කියලා මම අභියෝග කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න