#fightcorona : ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - කොරෝනා පාලනයට එක්සත්ව සටන් කරමු - මංගල (වීඩියෝ)

#fightcorona : ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - කොරෝනා පාලනයට එක්සත්ව සටන් කරමු - මංගල (වීඩියෝ)

කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම පාලනය කිරීම සදහා සියලුම ශ්‍රී ලාංකිකයින් ජාති, ආගම්, පක්ෂ, පාට ආදී සියලු ආකාරයේ බෙදීම් වලින් තොරව එක්සත්ව කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ අතිශයින්ම වැදගත් කාරණයක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.

''මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව, දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව, අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ'' යයි ඔහු පවසා ඇත්තේ, අද (12) පස්වරුවේ සමාජ මාධ්‍ය වෙත 'සෙල්ෆි වීඩියෝවක්' මුදා හරිමිනි.

එහිදී ඔහු තවදුරටත් මෙසේද සඳහන් කරයි. 

''පසුගිය දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයේදී එම නගරයට සීමා වූ වසංගතයක් හැටියට කොරෝනා වෛරසය නොහොත් 'කොවිඩ් - 19' වෛසරය හඳුනාගෙන තිබුණත් අද එය ශීඝ්‍රයෙන් ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් තියෙනවා. 

ශ්‍රී ලංකාව තුළත් මෙම භයානක වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව දිනෙන් දින වැඩි වෙනවා. අන්න ඒ නිසා අපි වහාම මෙම වෛරසයට විරුද්ධව සටන් කරන්නට අපි එක්සත් වෙන්න ඕනේ. එකමුතු වෙන්න ඕනේ. 

මොකද මෙවැනි වෛරසයකට පාටක්, පක්ෂයක්, ආගමක්, කුලයක් කිසිදෙයක් නැහැ. දේශසීමා නැහැ. මුළු ලෝකය වටේම පැතිරමින් තියෙන මේ තුළින් මෙය ඔප්පු වෙනවා. ලංකාව තුළත් මේ වෛරසය සිංහල බෞද්ධයන් විතරක්  හොයාගෙනවත් එහෙම නැත්තම් දෙමළ ජනතාව හොයාගෙන යන වෛරසයක්වත් එහෙම නැත්තම් මුස්ලිම් ජනතාව හොයාගෙන යන වෛරස් එකක්වත් නෙවෙයි.  

ඒ වගේම මේක හැදෙන්නේ පොහොට්ටුවේ අයට විතරක් නෙවෙයි එහෙම නැත්තම් UNP අයටවත් JVP අයටවත් නෙවෙයි. මේක මම කිව්වා වගේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් හැටියට මහා අභියෝගයක්. 

අන්න ඒ නිසා තමයි අපි මේ මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව. අනිත් අය මොනවා කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ .  

ගොන්පාට් නවත්තන්න : ''බොරු නිව්ස් දාන්න එපා''

ඒ වගේම අද අපි දකිනවා අවුරුදු 17, 18 තරුණ අය සමාජ මාධ්‍ය හරහා යම් කිසි තෘප්තියක් ලබා ගැනීමට හෝ බොරු නිව්ස් දානවා. ඒ වගේම විවිධ වෙදකම් දානවා.  මිනිස්සු බය කරලා සතුටු වෙන්න හදනවා. ඒ සියලු ගොන්පාට් නවත්වලා අපි හැම කෙනාම ආගම්, ජාති, කුල භේද නැතුව  මේ කොරෝනා වෛරසය ඇති කරපු මේ භයානක තත්වයෙන් ජය ගන්නට අපි එකතු වෙන්න ඕනේ‍. 

කොරෝනා වෛරසය සමග fight කරන්නට අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. ''

වීඩියෝ 

 

 https://youtu.be/gaMdQavkv7o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න