ශ්‍රිලනිප ගමනක අවසානය සූදානම් : සිරිසේන පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් කරයි !

ශ්‍රිලනිප ගමනක අවසානය සූදානම් : සිරිසේන පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් කරයි !
පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා අත්සන් කිරීමට හිටපු ජනාධිපති , ශ්‍රිලනිප නායක මෛත්‍රීපාල සිරිසේන අද (12) කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තහවුරු කර ඇත.
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකත්වය හෝ හිටපු ජනාධිපති සිරිසේන වෙත ලබාදී නොතිබීමය.
 
පොදුජන පෙරමුණ නිකුත්කළ මාධ්‍ය නිවේදනය තුළද සිරිසේන ගේ අත්සන් තැබීම හඳුන්වා දී ඇත්තේ අපේක්ෂකයකු ලෙස ඔහු අත්සන් තැබූ බවය.
 
ඒ අනූව පසුගිය සමයේ වෙනම අත ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරන බවට මැතිරූ මාර ටියුන් වීර කියුම් සියල්ල අවසන් වන තත්ත්වයක් පෙන්නුම් කරයි.
 
මේ වන විට ශ්‍රිලනිප අපේක්ෂකයන් වෙත හිත හදාගන්න සිදුව ඇත්තේ සැලසුම් සහගත ලෙස ශ්‍රිලනිප අපේක්ෂකයන් පරාජය කරවීමේ භීතිය තුළ මහ මැතිවරණයට තරග කිරීමටය.
 
77ට පසුව ශ්‍රිලනිපය ලබන අන්තම පරාජය මෙවර !
 
මේ වන විට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් දෙදෙනකු පොහොට්ටු අපේක්ෂකයන්ට හැර වෙනත් අපේක්ෂකයන් වෙත මනාප ලබානොදෙන ලෙස ප්‍රසිද්ධියේ පවසා ඇති අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ 1977 මහ මැතිවරණයට පසුව ශ්‍රිලනිප ය ලබන අඩුම මන්ත්‍රී ප්‍රමාණය මෙවර අත්කර ගනු ඇති බවය.
 
එසේම නායකයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන කොතරම් දුර්වලද යන්න  ශ්‍රිලනිප පාක්ෂිකයන් සහ පක්ෂයේ ජේෂ්ඨයන් හඳුනා ගතයුතු බවත් නායකත්වය වෙනස් කරගෙන කඩිනම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් වෙත  නොගියහොත් ශ්‍රිලනිප ගමනක අවසානය 2020 දී ඇරඹෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න