මානව ශිෂ්ටාචාරයේ ආරම්භය විදිහට ඔබ දකින්නේ කුමන සාධකයද?

මානව ශිෂ්ටාචාරයේ ආරම්භය විදිහට ඔබ දකින්නේ කුමන සාධකයද?

ආබාධිත මනුස්සයෙක්, චැලි බයික් දෙකක් පූට්ටු කරල හදාගත්තු තමන්ගෙ ලොතරැයි ටිකට් විකුණන වාහනේ ශෙඩ් එකකට ගෙනල්ල එතන මිනිස්සුන්ට රුපියල් 500ක් දික් කර කර තෙල් ටිකක් ගහල දෙන්න කියල පින්සෙණ්ඩු වෙන වීඩියෝ එක දැක්කම පොඩි කතාවක් මතක් උනා.

ප්‍රසිද්ධ මානව විද්‍යාඥවරියක් වන මාග්‍රට් මීඩ් (Margaret Mead) ගෙන් දවසක් ශිෂ්‍යයෙක් අහනවා,

"මානව ශිෂ්ටාචාරයේ ආරම්භය විදිහට ඔබ දකින්නේ කුමන සාධකයද?" කියලා.

ශිෂ්‍යයා බලාපොරොත්තු වුණේ මැටි භාජන, ගල් ආයුධ එහෙමත් නැත්නම් ගින්දර සොයාගැනීම වගේ උත්තරයක්.

homoerectus2

නමුත් ඇය දුන්න උත්තරය හරිම පුදුම සහගතයි. ඇය කිව්වේ මානව ශිෂ්ටාචාරයේ පළමු සලකුණ විදිහට ඇය දකින්නේ "බිඳී නැවත සුව වූ කලව ඇටයක්" (Healed Femur) කියලයි.
ඇයි ඇය එහෙම කිව්වේ?

ඇය ඒක විස්තර කළේ මෙහෙමයි:

සත්ව ලෝකයේ, සතෙකුගේ කකුලක් කැඩුණොත්, ඌට තවත් සතුන්ගෙන් බේරිලා දුවන්න, වතුර හොයාගන්න හෝ කෑම හොයාගන්න බැහැ. එතකොට අනිවාර්යයෙන්ම වෙනත් සතෙක් ඌව දඩයම් කරනවා. එහෙම නැත්නම් බඩගින්නේ මැරිලා යනවා. සත්ව ලෝකයේ "සුව වූ කලව ඇට" දකින්න ලැබෙන්නේ නැහැ, මොකද සුව වෙනකම් ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැති නිසා.
හැබැයි යම් මනුස්සයෙක්ගේ කලව ඇටය බිඳිලා, ඒක නැවත සුව වෙනකම් ජීවත් වෙලා ඉන්නවා කියන්නේ, තවත් කෙනෙක් ඒ පුද්ගලයාව රැකබලා ගත්තා කියන එකයි.

කවුරුහරි කෙනෙක් ඒ තුවාල වුණු පුද්ගලයාව ආරක්ෂිත තැනක තියලා, ඔහුට කෑම බීම දීලා, ඔහු සුව වෙනකම්ම ළඟින් ඉඳලා තියෙනවා.
"තව කෙනෙක් අමාරුවේ වැටුණු වෙලාවක ඔහුට උදව් කිරීම තමයි ශිෂ්ටාචාරයේ සැබෑ ආරම්භය" කියන එක තමයි ඇය ඒකෙන් අදහස් කළේ.
අන්න ඒ තවකෙක්ගෙ අසරණකම තමන්ගෙ කියල දැනෙන මනුෂ්‍ය හැඟීමට කියන්නෙ "සහකම්පනය" කියල.

ab

අර උඩ කියපු වීඩියෝ එක දකින්න ඇති.

ඒ මනුස්සය පුන පුනා කියනව ඒ අටවගත්තු වාහනේට QR හදාගන්න බැරි බව සහ අර ලොතරැයි ටික අද දවස තුළ විකුනගන්න ඕන කියන එක.
හැබැයි එතන පිරවුම්හලේ අයිතිකරුගෙ ඉඳල එතන උන්නු පොලිස් නිලධාරින් පවා අර මනුස්සයට සංවේදි වෙන පාටක් තිබුන්නෑ.
මනුස්සයො හැටියට අපි ශිෂ්ටාචාරගත වෙන්න බලපාපු ප්‍රධානම කාරණාව උනු සහකම්පනය එතන තිබුන්නෑ.
නීති රෙගුලාසි කොහොම වෙතත් අඩු තරමෙ අර මනුස්සයට රුපියල් පන්සීයක තෙල් ටිකක් දෙන්න තිබ්බ. මොකද අසරණය ඉල්ලුවෙ පෙට්‍රල් ලීටර එකහමාරකටත් වඩා අඩුවෙන්.

 

සමබිම පක්ෂය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න