දීප්ති ගෙන් සජිත්ට ආරාධනයක්...! - Ideas front වීඩියෝවක්

දීප්ති ගෙන් සජිත්ට ආරාධනයක්...! - Ideas front වීඩියෝවක්

තමන් සහ විපුල නිරන්තරයෙන් ම Ideas front වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නේ රටේ පවතින ඇත්ත ප්‍රශ්න බවත්, විපක්ෂයට හැකි නම් තමන් සහ විපුල සාකච්ඡා කරන ප්‍රශ්න අතුරින් අවම ප්‍රශ්න දෙකක් හෝ පිළිබඳ අවධානය යොමු කරන්නැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අවධාරණය කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ජේ. ආර්. ජයවර්ධන සමානුපාතික ඡන්ද ක්‍රමය ස්ථාපිත කරන්නේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වීමට සහ සියලු පසමිතුරුතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ අදහසින් බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න