ශ්‍රී ලංකාවේ තරංග පරාසය තුළ භාවිතා කළ නොහැකි රැහැන් රහිත දුරකථන රැසක් භාවිතයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
කොළඹ ප්‍රදේශයේ නිවෙස්වල භාවිතයට ගනු ලැබ තිබූ මෙම දුරකථන ක්‍රියාත්මක වන තරංග පරාසය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජංගම දුරකථන ජාල ද භාවිතා කරන නිසා එයින් ඒවාට බාධාවීම් සිදුවේ. මේ පිළිබඳව ලැබුණු පැමිණි අනුව මෙම උපකරණ ඉවත් කිරිමට කටයුතු කල බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත ගුණානන්දන මහතා පැවසුවේ, රැහැන් රහිත දුරකථන සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තරංග පරාසයන් නියම කර තිබෙන බවයි.
එම තරංග පරාසයන්ට පරිබාහිරව වෙනත් රටවලින් රැගෙන ආ මෙවැනි දුරකථන අපේ රටේ අනෙකුත් ජංගම දුරකථන තරංගයන්ට බාධා කරන අතර එවැනි දුරකතන පමණක් මෙසේ එකතුකර විධිමත් ප්‍රතිචක්‍රීකරණය සඳහා බාරදීමට පියවර ගෙන තිබේග විශේෂයෙන් කොළඹ ප්‍රදේශය තුළ මෙම දුරකථන භාවිතය ඉහළ ගොස් ඇති බවත්, ඒ නිසාම ජංගම දුරකථන ජාලවලට විශාල වශයෙන් අවහිරතා ඇතිබවන බවත් ඔහු පැවසීය. මෙම දුරකථන තරංග පරාසය වන්නේ මෙගාහර්ට්ස් 1880 MHz - 1930 MHz අතර කලාපය වන අතර මෙම දුරකථන වර්ගය වන්නේ DECT 6.0 වර්ගයේ රැහැන් රහිත දුරකථනයි.
මේ දුරකථනය කිසියම් කෙනෙක් ලංකාවට ගෙනැවිත් භාවිතා කරන්නේ නම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට එය භාවිතා කරණ ස්ථානය සොයා ගැනීමේ තාක්ෂණික පහසුකම තිබෙන බව ද ඒ මහතා තව දුරටත් පැවසීයග එසේ සොයා ගත් පසුව ඔවුන්ගෙන් මෙම දුරකථනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බාර දෙන ලෙස ඉල්ලා සිටින අතර ඒ වෙනුවට මෙම තරංග භාවිතා කරන ජංගම දුරකථන සමාගම්වල සහාය ඇතිව ලංකාව තුල භාවිතා කළහැකි රැහැන් රහිත දුරකථනයක් ඔවුන්ට නොමිලේ ලබා දෙන බව ද ගුණානන්දන මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ මෙවැනි රැහැන් රහිත දුරකථනයක් භාවිතා කරන්නට ප්‍රථම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් එය ලංකාව තුල භාවිතයට සුදුසු දුරකථනයක් ද යන වග විමසා පැහැදිලි කරගන්නා ලෙසයිග මෙවැනි දුරකථනයක් භාවිතා කරන කෙනෙක් එය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බාර දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කලහොත් විදුලි සංදේශ පනත අනුව ඔහුට හෝ ඇයට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ප්‍රතිපාදන ඇති බව ද ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
මෙසේ ඉවත් කල රැහැන් රහිත දුරකථන ප්‍රමාණය 800 කට අධික වන අතර ඒවා ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඊ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ශ්‍රියානි මාවැල්ලගේ මහත්මිය භාර දෙන ලදී.
ඡායාරූප - බන්දුල සේනානායක - TRCSL Media{gallery}TRCSL News{/gallery}

