බුදුරජුන්  මැණික් පුටුවේ  වැඩහිදින  ආසියාවේ විශාලතම අනුරුව පුංචි කැලණි පුදබිමේ  ඉදිවෙයි

බුදුරජුන්  මැණික් පුටුවේ  වැඩහිදින  ආසියාවේ විශාලතම අනුරුව පුංචි කැලණි පුදබිමේ  ඉදිවෙයි

මෙම අනුරුවෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 21 දා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බුද්ධ ශාසන ආගමික කටයතු සංස්කෘතික  ඇමැති, ධනවර්ධන ගුරුගේ, මාස්ටර්  ගයිඩ් අධිපතිනිය, තිලකවර්ධන  අධිපතිතුමා, ඇතුළු සම්භාවනීය අමුත්තන්  විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.

බුදුන් වහන්සේ මැණික් පුටුවක වැඩ හිඳිමින් මණිඅක්ඛිත නා රජුට දහම් දේශනා කළ ඓතිහාසික පුවත ප්‍රතිනිර්මාණය කරමින්, ආසියාවේ ඉදිවන විශාලතම සහ දුර්ලභ ගණයේ මැණික් පුටුවේ අනුරු නිදන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවයට සමගාමීව 20, 21 සහ 22 විහාරස්ථානය පාදක කර ගෙන පින්කම් මාලාවක් පැවැත්වේ.

20වන දා උදෑසන කිරි අම්මාවරුන් ගේ දානමයි පින්කමක් පැවැත්වෙන අතර, සවස පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ.

21වන දා නිදන් වස්තු පුණ්‍යොත්සවය සහ රාත්‍රී 10.00ට කත්නෝරුවේ සිරිධම්ම හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවකි.

22වන දා පෑලියගොඩ සිළුමිණි මහා පෙරහැර නමින් අලි ඇතුන් සහිත විචිත්‍ර පෙරහැර මංගල්‍යයක් පැවැත්වේ.එය සංවිධානය කරනුයේ 12වෙනි වතාවට ය.

කැලණිය නාරම්මිණිය පුංචි කැලණි විහාරයේ (අශෝකාරාමය) ඉදිවන මෙම අසිරිමත් නිර්මාණයට සමගාමීව පැවැත්වෙන පින්කම, එදින පස්වරු 2.00 සිට පසුදා අලුයම දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ගේ ආශිර්වාදය සහ බැතිමතුන් ගේ දායකත්වය ඇතිව මෙම කටයුතු සිදු කෙරේ.

WhatsApp Image 2026 03 19 at 13.57.01ආචාර්ය  කුරුඳුවත්තේ ඤාණසිරි ස්වාමීන් වහන්සේ

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති, විද්‍යාශේඛර පිරිවෙන් ආචාර්ය  කුරුඳුවත්තේ ඤාණසිරි ස්වාමීන් වහන්සේ සඳහන් කර සිටින්නේ, මෙවැනි උතුම් බුද්ධ ප්‍රතිමාවක් උදෙසා නිදන් වස්තු තැන්පත් කිරීමට ලැබීම බෞද්ධ ජනතාවට තම ජීවිත කාලය තුළ ලැබෙන මහඟු අවස්ථාවක් වන බවයි. සසර ගමන සුවපත් කර ගැනීමටත්, ධර්මාවබෝධය ලබා ගැනීමටත් මෙවැනි පුණ්‍යකර්මයන් උපකාරී වන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙති.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කෙරෙන මෙම උතුම් පින්කමට දායක වී කුසල් රැස් කරගන්නා ලෙසත්, උතුම් බුද්ධ ප්‍රතිමාව උදෙසා නිදන් වස්තු තැන්පත් කිරීමට සහභාගී වන ලෙසත් විහාරස්ථ දායක සභාව සැදැහැවත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න