වර්තමාන ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව (FIDE Ratings ) ඕෂිනී ගුණවර්ධන ලෝකයේ හොඳ ම චෙස් ක්‍රීඩිකාවන් 100 දෙනා අතරට පැමිණ ඇත.
ඇය මේ වන විට 14වන වියේ පසුවන ක්‍රීඩිකාවක් වන අතර එම ශ්‍රේණිගත කිරීම්වල පළමු 100 දෙනා අතර සිටින ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ ද ඕෂිනී ගුණවර්ධන වීම විශේෂයත්වයකි.
ඇය මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් (FIDE Ratings) ලකුණු 2347 ලබාගෙන ලෝකයේ 96වන ස්ථානයේ පසුවන්නී ය. ඇය වයස අවුරුදු 20න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩිකාව ලෙස ලෝකයේ හොඳ ම දහතුන්වන චෙස් ක්‍රීඩිකාව ලෙස ද වාර්තා පොත් අතරට පැමිණ ඇත.
2023 වසරේ දී ඕෂිනී වයස අවුරුදු 12න් පහළ කාන්තා World Cadet Chess Championship ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වූවා ය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ළාබාලතම කාන්තා ජාතික චෙස් ශූරිය ද වන්නේ ඕෂිනී ගුණවර්ධන ලෙස වාර්තා පොත් අතරට එකතු වී සිටින්නී ය.
ඕෂිනී ගුණවර්ධන රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයෙන් මුලික අද්‍යාපනය හදාරා ඇති අතර මේ වන විට ඇය කොළඹ Wycherley ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන්නී ය. මේ වන විට ඕෂිනී ගුණවර්ධන ශ්‍රී ලංකාවේ විවෘත පිරිමි සහ කාන්තා අංශ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්තානයේ ද පසුවන්නී ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයේ සිටින්නේ එල්. එම්. එස්. ඩී. සිල්වා (FIDE Ratings 2409) ය. දෙවන ස්ථානයේ සිටින්නේ එල්.එම්.එස්.ටී දිල්ශාන් (FIDE Ratings 2429) ය. එහි තෙවන ස්ථානයේ සිටින්නේ දේවින්ධ්‍යා ඕෂිනී ගුණවර්ධන (FIDE Ratings 2347) ය. ඇයගේ වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අකිල කාවින්ද ය.
සමීර මදුසංක හේවා ගමගේ


