කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටිති.
සෙනසුරාදා දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත්වූ අතර දකුණු අප්‍රිකාව 3 වැනි ස්ථානයට පැමිණියේය. ඊයේ ලබාගත් ජයග්‍රහණය නිසා එංගලන්ත ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පැනගත්හ. ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානය ඉන්දියාවට හිමිවී තිබේ.
අනුපිළිවෙලින් ශ්‍රී ලංකාව (5), නවසීලන්තය (6), පාකිස්තානය (7) සහ බංග්ලාදේශය (8) වැනි ප්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන ලබා සිටිති.
තරගාවලියේ සැලැස්ම අනුව 29 වැනිදා (බදාදා) ගුවහටි නුවරදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරග වැදීමට නියමිතය. යම් හෙයකින් එම තරගය වර්ෂාවට සේදී ගියහොත් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටීමේ පදනම මත එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
30 වැනිදා (බ්‍රහස්පතින්දා) නවී මුම්බායි නුවරදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව තරග වදිති. ඕස්ට්‍රේලියානු කාන්තාවන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින බැවින් අවසන් පූර්ව තරගයේදී වර්ෂාවෙන් බාධාවීමක් සම්බන්ධයෙන් ඔවුන් බියවිය යුතු නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
