හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බවට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අද (13) සවස අධිකරණයේදි සටහන් තබා ඇත.
ඒ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ සැකකරුවන් ලෙස වරෙන්තු ලබා සිටින සැකකරුවන්ට අද සවස 4 ට කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණයෙන් අද උදෑසන නිකුත්කළ නියෝගය අනූවය.
ඒ අනුව මෙම පිරිස අද සිය නීතීඥයින් සමඟ පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටි අතර මෙම සැකකරුවන් අධිකරණයෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපි මගින් දන්වා යවන ලෙස මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියටද නියෝග කළේය.
අභියාචනාඅධිකරණයේ නියෝග ප්‍රකාරව තමන් ඉදිරියේදී නඩුව කැඳවූ බවත්, ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම සඳහා තමන්ට අවසර ලබා දී නැති හෙයින් හා පැමිණිම පමණක් සටහන් කරීමට නියෝග ලැබීම හේතුවෙන් මෙලෙස පැමිණිම සටහන් කරන බවද මහෙස්ත්‍රාත්වරයා එහිදී සඳහන් කළේය.

